වස්සාන කොඳ මල් තලාවේ,,,මට ලoවු සුර අoගනා,,,
සිත් යායේ කුසුමන් පිපීලු ,,,ඔබ හින්දා මන රoජනා,,,
නිල්නයන සිසිලක් ඉසීලු,,, හද රැන්දු කිඳුරoගනා,,,
සoසාර දිවි මo පුරාවේ,,, සැනසිල්ල ඔබමයි තමා,,,
ගුමු ගුමුව බමරුන්ට සුවයක් උනා,,,
මුමුනද්දි මගෙ යහනෙ ඔබ සැතපුනා,,,
කියනා හැගුම්,,,රඟදෙයි නෙතින්,,,
රැඳිලා ලඟින් ,,,ඔබ ඉන්නකල්,,,
මගෙ ලෝකෙ සැනසීම ඔබමයි සදා,,,
කඳුලැල්ම හෙලු කාලෙ අවසන් වුනා,,,
මගෙ ලෝකෙ ඔබ ගාව සිතුවම් වුනා,,,
සොඳුරුයි සිතුම්,,,පොපියයි හැඟුම්,,,
කඳුලේ සුසුම්,,, නිමවෙයි ඉතින්,,,
ඔබ දුන්න සැනසීම ප්රේමේ වුනා
මගෙ වෙන්න හැමදාම අපි අපේ,,,
සිනා සරසන්න නෙතු මාවතේ,,,
සෙනේ තවරන්න මුලු ජීවිතේ,,,
ගැලූ කඳුලින්ම සේදුනු බිමේ,,,
මගේ වී ඉන්න මුලු ජීවිතේ,,,
උතුරාපු ආදරයක් ඔබ කෙරේ,,,
මතුරාපු සාගරයක් හද පිරේ,,,
පිරුනාවු මල්කෙමියක් රස ලොවේ,,,
ඔබ ලoව ඉන්නේනම් මගෙ ලොවේ,,,
සඳ රැයක තරු පීදී ඔබෙ නෙතේ,,,
දිදුලාවි මුලු රෑම නෙතු ඉමේ,,,
දුක් පාලු දුරලාන හෙට දිනේ,,,
මගෙ වෙන්න හැමදාම අපි අපේ,,,
සෙනේ තවරන්න මුලු ජීවිතේ,,,
ගැලූ කඳුලින්ම සේදුනු බිමේ,,,
මගේ වී ඉන්න මුලු ජීවිතේ,,,
උතුරාපු ආදරයක් ඔබ කෙරේ,,,
මතුරාපු සාගරයක් හද පිරේ,,,
පිරුනාවු මල්කෙමියක් රස ලොවේ,,,
ඔබ ලoව ඉන්නේනම් මගෙ ලොවේ,,,
සඳ රැයක තරු පීදී ඔබෙ නෙතේ,,,
දිදුලාවි මුලු රෑම නෙතු ඉමේ,,,
දුක් පාලු දුරලාන හෙට දිනේ,,,
මගෙ වෙන්න හැමදාම අපි අපේ,,,
මගෙ ප්‍රාණෙ දූ ගාව රැඳෙනා හදක්,,,
සඳ සේල පළඳාපු,,දුර අහ,,,ස් ගන්ගාවෙ,,
පියඹන්න ආසයි මටත්,,,
තරු සේළ දිදුලන්නේ ඒ අහ,,ස් ගoගාවෙ,,,
නොමදෙන්න අඳුරට ඉඩක්,,,
මුලු ලෝකයම මෙහෙම සොඳුරුද හුඟක්,,,
මගෙ දෝනියේ ලෝකෙ අඳුරුම තැනක්,,,
දූ මාගේ ඒ ලෝකෙ දිදුලන සඳක්,,,
සුසිනිදු පියාපත් මට තිබුනිනම්,,,
පියඹන්න තිබුනා දුරක්,,,
සුසිනිදු පියාපත් දෝනිට නැතත්,,,
දූ තාම බොළඳයි හුගක්,,,
ඇස් මාගේ පාදාපු පියතුම සඳක්,,,
මගෙ ප්‍රාණෙ දූ ගාව රැඳෙනා හදක්,,,
මල් දම් දරා ඉන්න මට තිබුනිනම්,,,
මල් සුවඳ මාගෙයි අදත්,,,
මල් දම් දරා දෝනි උන්නේ නැතත්,,,
මගේ දෝනි මල් කුමරියක්,,,
පිය සෙනෙහෙ වඳිමී අදත්,,,
හෙට දිණෙනු දියණී ලොවක්,,,
පියඹන්න ආසයි මටත්,,,
තරු සේළ දිදුලන්නේ ඒ අහ,,ස් ගoගාවෙ,,,
නොමදෙන්න අඳුරට ඉඩක්,,,
මුලු ලෝකයම මෙහෙම සොඳුරුද හුඟක්,,,
මගෙ දෝනියේ ලෝකෙ අඳුරුම තැනක්,,,
දූ මාගේ ඒ ලෝකෙ දිදුලන සඳක්,,,
සුසිනිදු පියාපත් මට තිබුනිනම්,,,
පියඹන්න තිබුනා දුරක්,,,
සුසිනිදු පියාපත් දෝනිට නැතත්,,,
දූ තාම බොළඳයි හුගක්,,,
ඇස් මාගේ පාදාපු පියතුම සඳක්,,,
මගෙ ප්‍රාණෙ දූ ගාව රැඳෙනා හදක්,,,
මල් දම් දරා ඉන්න මට තිබුනිනම්,,,
මල් සුවඳ මාගෙයි අදත්,,,
මල් දම් දරා දෝනි උන්නේ නැතත්,,,
මගේ දෝනි මල් කුමරියක්,,,
පිය සෙනෙහෙ වඳිමී අදත්,,,
හෙට දිණෙනු දියණී ලොවක්,,,
තෙත් නොවුනේ කවදද හන්තානේ,,,
හිතට නුහුරු සෙනේ සුවඳ පහසක්,,,
දැනෙන්න ඇති සරසවි බිම කාටත්,,,
පෙම්වතුන්ම නොවුනත් සිත් යායක්,,,
එකට බැඳුනුමුත් වෙන් වී යාමක්,,,
තෙත් නොවුනේ කවදද හන්තානේ,,,
ඒ කඳුළැල් අදත් ගලයි රහසේ,,,
හදවත් මත උනුසුම් පෙම් පහසේ,,,
වෙලී උනුත් වෙන් වූ බිම් යායේ,,,
සුසුම් වතක් ඉසිලූ උරතලයේ,,,
මතක් වේවි මිමිනු වදන් රහසේ,,,
එනමුත් අද මග තොට හමු වූවෝ,,,
එද සෙනෙහෙ නොව හැඳිනුවෙ රාගේ,,,
දැනෙන්න ඇති සරසවි බිම කාටත්,,,
පෙම්වතුන්ම නොවුනත් සිත් යායක්,,,
එකට බැඳුනුමුත් වෙන් වී යාමක්,,,
තෙත් නොවුනේ කවදද හන්තානේ,,,
ඒ කඳුළැල් අදත් ගලයි රහසේ,,,
හදවත් මත උනුසුම් පෙම් පහසේ,,,
වෙලී උනුත් වෙන් වූ බිම් යායේ,,,
සුසුම් වතක් ඉසිලූ උරතලයේ,,,
මතක් වේවි මිමිනු වදන් රහසේ,,,
එනමුත් අද මග තොට හමු වූවෝ,,,
එද සෙනෙහෙ නොව හැඳිනුවෙ රාගේ,,,
හිනැහෙන්න දිනක් ඒවි,,,අපි ආදරෙන් දිනුම්
පෙම් කඳුලු පුදසුනේ හිත රැඳී නුඹේ නමින්,,,
දෙනුවනින් විසිරෙනා,,, කඳුලු මල් දමින්,,,
සෙනෙහසින් පෙරා දන්,,, දුන්නු විජිතයෙන්,,,
අපේ වේවිනම්,,, අපි ආදරෙන් දිනුම්,,,
රන් පාට සේල පිළි වියා නුඹෙ නමින්,,,
සරසන්න හිතයි රණේ රුව ලෙසින්,,,
තරු ඇතුරු යහනෙ සැතපිලා පෙමින්,,,
සනසෙන්න හිතයි දේවී ,,,ඔබ මගේ කරන්,,,
පෙම් පාට සායමින් පීදිලා සුබ දසුන්,,,
සඳ කුමුදු මල් පිපේ නුඹෙ නමින්,,,
දුක කඳුලු අතර දියවෙලා ගොසින්,,,
හිනැහෙන්න දිනක් ඒවි,,,අපි ආදරෙන් දිනුම්,,,
දෙනුවනින් විසිරෙනා,,, කඳුලු මල් දමින්,,,
සෙනෙහසින් පෙරා දන්,,, දුන්නු විජිතයෙන්,,,
අපේ වේවිනම්,,, අපි ආදරෙන් දිනුම්,,,
රන් පාට සේල පිළි වියා නුඹෙ නමින්,,,
සරසන්න හිතයි රණේ රුව ලෙසින්,,,
තරු ඇතුරු යහනෙ සැතපිලා පෙමින්,,,
සනසෙන්න හිතයි දේවී ,,,ඔබ මගේ කරන්,,,
පෙම් පාට සායමින් පීදිලා සුබ දසුන්,,,
සඳ කුමුදු මල් පිපේ නුඹෙ නමින්,,,
දුක කඳුලු අතර දියවෙලා ගොසින්,,,
හිනැහෙන්න දිනක් ඒවි,,,අපි ආදරෙන් දිනුම්,,,
ඔබත් ඉන්නේ යෞවනේ,,,
සුමුදු වත සඳසේ දිලී,,,බලන විට හොරැහින් එබී,,,
නෙතේ මoගල තොරන් බැන්දා ඔබව හිමි වූවා වැනී,,,
සිහින කුමරී ලඟ දැනී
තිසර සුදු මුදු කඳු ඉමේ,,,පිපුණු මල් රොන් සුණු විලේ,,,
අතොර නෑරම සුවය විඳිනට මටත් සිතුනා යෞවනේ,,,
ඔබත් ඉන්නේ යෞවනේ,,,
නගන හසරැල් මුව කොනේ,,,සැලෙන කැල්මන් නෙතු ඉමේ,,,
නිතර පාරන රිදුම් දුන්නේ,,,අහිමිකම් ලඟ ආදරේ,,,
හිමිද අහිමිද ආදරේ,,,
නෙතේ මoගල තොරන් බැන්දා ඔබව හිමි වූවා වැනී,,,
සිහින කුමරී ලඟ දැනී
තිසර සුදු මුදු කඳු ඉමේ,,,පිපුණු මල් රොන් සුණු විලේ,,,
අතොර නෑරම සුවය විඳිනට මටත් සිතුනා යෞවනේ,,,
ඔබත් ඉන්නේ යෞවනේ,,,
නගන හසරැල් මුව කොනේ,,,සැලෙන කැල්මන් නෙතු ඉමේ,,,
නිතර පාරන රිදුම් දුන්නේ,,,අහිමිකම් ලඟ ආදරේ,,,
හිමිද අහිමිද ආදරේ,,,
දෙවය සරදම් නොකළානම්,,,
ජීවන ගමනේ පැද යන ඔරුවට
අතර මගදි හමුවී,,,
සඳ දිය තෙරපෙන යාමේ ඔරුවට ,,,
නුඹත් ගොඩවුනා සොඳුරී ,,,,,,
දෙවය සරදම් නොකළානම්,,,
නුඹයි මගේ සොඳුරී,,,ජීවන මග දෙවුලී,,,
කඳුලු බිඳු ඔබේ නෙතඟර දිලුනට,,,
සඳ වත සුසිනිඳු මුහුනේ,,,
සිනා පිරුනු හසරැල්ල මැකෙන්නට
දෙන්න එපා සුදු මුහුනේ,,,
ඉන්න දිලී තරු අරණේ,,,
වදුලු වන පෙතේ සුදු මල් පිපුනට,,,
සුවඳ කළා මුලු ලෝකේ,,,
කවුළු පියන් හැර බලාන හිටියොත්,,,
නුඹේ ලඟයි සිත මාගේ,,,
සුවඳ මලයි ඔබ මාගේ,,,
ගුරු තුමනී ඔබ තාමත් ඉස්කෝලේ,,,
රාජකීය නොවු මාඉම් ගම්මානේ,,,
ගුරු තුමනී ඔබ තාමත් ඉස්කෝලේ,,,
විට කට බැඳගෙන දුන් ඒ ගුරු සාරේ,,,
සරණින් බෝසත් ,,, අප මනුසත් වූයේ,,,
වෙඩි හඬ අතරේ හිත ගැස්සුනු වාරේ,,,
ඔබෙ අත් අස්සේ හැoගුන හැම වේලේ,,,
මතක මැවෙන විට ඔබගේ ගුණ සාරේ,,,
කඳුලක් නැගුනා පියතුමනී මාගේ,,,
අලි කොටි රැඳි ඒ වන වදුලේ පාහේ,,,
ඔබෙ නෙත් රැඳුනේ අප අතරේ වගේ,,,
බත් පත දන් දී ඔබ හිනැහෙන වාරේ,,,
කඳුලුයි බිව්වේ පිoදී හැම වාරේ...
ගුරු තුමනී ඔබ තාමත් ඉස්කෝලේ,,,
විට කට බැඳගෙන දුන් ඒ ගුරු සාරේ,,,
සරණින් බෝසත් ,,, අප මනුසත් වූයේ,,,
වෙඩි හඬ අතරේ හිත ගැස්සුනු වාරේ,,,
ඔබෙ අත් අස්සේ හැoගුන හැම වේලේ,,,
මතක මැවෙන විට ඔබගේ ගුණ සාරේ,,,
කඳුලක් නැගුනා පියතුමනී මාගේ,,,
අලි කොටි රැඳි ඒ වන වදුලේ පාහේ,,,
ඔබෙ නෙත් රැඳුනේ අප අතරේ වගේ,,,
බත් පත දන් දී ඔබ හිනැහෙන වාරේ,,,
කඳුලුයි බිව්වේ පිoදී හැම වාරේ...
සිත රිදිලා,,,දුක දැනිලා,,,හදේ වේදනා,,,
තනි වීලා පෙළ ගසලා,,,අකුරු අමුණලා,,,
නිදිවරලා ,,,කඳුලු සලා,,,සෙවූ කල්පනා,,
කවිකළදා එළිකරලා කවියො හිනැහෙනා,,,,
සඳ සොයලා තරු සොයලා,,,අකුරු අමුණලා,,,
මල් සොයලා,,,රොන් සොයලා,,,පින්න තවරලා,,,
උපමා ගෙන ගොනු කරළා සිතුවම් කරලා,,,
ලියූ වදන් ගැයෙන රිසින් සවන් සැනසෙනා,,,
ලොවේ දනන් හෙලන සුසුම්,,,මිටින් ගෙනල්ලා,,,
සිනා සරින් විඳින හැඟුම් සිහින් ගෙනල්ලා,,,
කවියො අතින් නිමා කළත් ගීත නිබන්දා,,,
කාසි නොවෙයි සතුටු සිතයි කවියො දකින්නා,,,
සිතුවිළි බිඟුකැළ මානබලයි රොන් ගන්න වගේ,,,
සරපුල් විල්තෙර,,,යළි මල් පිපිලා,,,
සිතුවිළි බිඟුකැළ මානබලයි රොන් ගන්න වගේ,,,
ඔබ මා වෙන් වී කළකට පසු යළි
හමුවූ දින නෙතු කැල්ම වගේ,,,
සැලී ගියා තුරු පත් වියලී ගිම්හානේ,,,
ඔබ මාහැර ගියෙ වසන්තයේ අග වාගේ ,,,
සිනිඳු වුනේ සිත කොහොමද මෙතරම් මාගේ,,,
මo වත් නොදනී හැර ගිය ඔබ දුටු වේලේ,,,
බිඳී ගියා සිත අකුණින් පිරි ආකාසේ,,,
ඔබ හිනැහුනාට වැස්සෙන් පසු සඳ වාගේ,,,
නිහඬ වුනේ ඇයි දඬුවම් වින්දේ මානේ,,,
ලoවෙන්නත් බෑ අපි අපගේ නොව ආයේ
සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,,
සඳේ නුඹ මට සෙනේ පෑමුත් ඇල්ලුදා රාහූ,,,
ගඟේ ජීවන ඔරුව රුවලින් වෙන්වුනා පාවී,,,
නැගූ අපමණ සිහින මන්දිර ගිලිහුනා වාගේ,,,
සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,,
හිනැහුනත් පුර පෝය සඳ මෙන් සුදු වලා සේලේ,,,
ගිළිහුනේ කොයි ලෙසින්දැයි මo නොමදනී රහසේ,,,
මගෙ කරන් මo සොඳුරු හැඩතල පිරිමැන්ද කාලේ,,,
මතක නැති කර දුර ගියත් හිත විමසුවා ආලේ,,,
සෙනෙහසින් ලo වූ බවෙදිත් බොරු කළා දේවී,,,
මට නැතත් ඔබ තවත් හිතකට පුර හදයි ආයේ,,,
හිතට එන දුක් සුසුම් කඳුලින් දිය කළේ මාගේ,,,
සියුමැලියි කි සිතට පෙම් කළ නුඹ නමින් සාවි
ගඟේ ජීවන ඔරුව රුවලින් වෙන්වුනා පාවී,,,
නැගූ අපමණ සිහින මන්දිර ගිලිහුනා වාගේ,,,
සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,,
හිනැහුනත් පුර පෝය සඳ මෙන් සුදු වලා සේලේ,,,
ගිළිහුනේ කොයි ලෙසින්දැයි මo නොමදනී රහසේ,,,
මගෙ කරන් මo සොඳුරු හැඩතල පිරිමැන්ද කාලේ,,,
මතක නැති කර දුර ගියත් හිත විමසුවා ආලේ,,,
සෙනෙහසින් ලo වූ බවෙදිත් බොරු කළා දේවී,,,
මට නැතත් ඔබ තවත් හිතකට පුර හදයි ආයේ,,,
හිතට එන දුක් සුසුම් කඳුලින් දිය කළේ මාගේ,,,
සියුමැලියි කි සිතට පෙම් කළ නුඹ නමින් සාවි
එනුමැණ මන් ලගට සැනසෙන්න
ඉඳුවර නිල් නයන දැකගන්න,,,
දෙනුවර මල් සුවඳ විඳගන්න,,,
මනළිය මගෙ යහන සරසන්න,,,
එනුමැණ මo ලගට සැනසෙන්න,,,
උණුවන නෙතු කඳුල මට දෙන්න,,,
කුමරියෙ හෙමි හෙමින් මගෙ වෙන්න,,,
දෙඅදර පිපි කුසුම මත ඉන්න ,,,
තනිවුන බමරිඳුට ඉඩදෙන්න,,,,,
ලැමහස මුදු සුසුම් තවරන්න,,,
මගෙ ලඟ උනුසුමින් ගුලිවෙන්න,,,
පැල් පොඩියෙ කිරි සුවඳ පැතිරෙන්න,,,
බිළිඳුන්ට ඔබෙ සුමුදු කුස දෙන්න,,,
දෙනුවර මල් සුවඳ විඳගන්න,,,
මනළිය මගෙ යහන සරසන්න,,,
එනුමැණ මo ලගට සැනසෙන්න,,,
උණුවන නෙතු කඳුල මට දෙන්න,,,
කුමරියෙ හෙමි හෙමින් මගෙ වෙන්න,,,
දෙඅදර පිපි කුසුම මත ඉන්න ,,,
තනිවුන බමරිඳුට ඉඩදෙන්න,,,,,
ලැමහස මුදු සුසුම් තවරන්න,,,
මගෙ ලඟ උනුසුමින් ගුලිවෙන්න,,,
පැල් පොඩියෙ කිරි සුවඳ පැතිරෙන්න,,,
බිළිඳුන්ට ඔබෙ සුමුදු කුස දෙන්න,,,
උඩ වැඩියා මල ඔබ මාගේ,,,
ලග රැඳුනා නිතරම වාගේ,,,
පෙම් සිත පීදුනු සිල්ප දනව්වේ,,,
සුදු සඳ මතකෙට එනවානේ
අලුයම දිව ආ සොඳුරු ළමා,,,
ඔබ එන මග මා සිටියා බලා,,,
ගම් පෙරලියෙ පෙම් අකුරු ලියා,,,
මතකද දුන්නා ඔබට මෙමා,,,
මතක සුවහසක් අවදිකළා,,,
පාසැල් සෙවනින් නික්ම ගියා,,,
ආ මග වැරදී සෙවූ ඔයා,,,
අන්සතු වී නෙතු තෙමී ගියා,,,
රතු ලේ නහරින් සෙනෙහස පෙරලා,,,
සුවඳ කිරට හරවා,,,
රන් කිරි බිඳ බිඳ මුවඟර තියලා මාලොකු කළ අම්මා,,,
අම්මා,,,
මා ලොකු කළ අම්මා,,,
සිරිපා කන්දෙන් ඇරඹෙන සීතල පිරිසිදු දිය දහරා,,,
අම්මේ ඔබගේ කඳුලට දෙවෙනියි ඒ මහ ගo දහරා,,,
අම්මේ ඔබෙයි සෙනේ දහරා,,,
මහමෙව්නාවේ සමාධි පිළිමේ මෙත් කරුණා දහරා,,,
ඊටත් වැඩිවේ ගෙදර බුදුන්ගේ හදෙහී ගුණ දහරා,,,
අම්මේ ඔබෙයි සෙනේ දහරා
සිදුවූ දෑ මේ බිතු අතරේ රැඳුනී,,,
හඩන්නෙපා දැන්,,,කඳුළැල් සලන්නෙපා,,,
සැනසෙන්නට විත් තැවුලෙන් හිඳින්නෙපා,,,
සුසුමන් පිටවූ පව ගැන හිතන්නෙපා,,,
ඔබගෙම ඇරයුම ගැන දැන් තැවෙන්නෙපා,,,
නොහඬා ඉදිනු මැණේ,,,හමුවූ එකම දිනේ,,,
නටඹුන් සෙනෙහස අතර මගදි හමුවී,,,
ගොලුවූ සිත් යළි කතා කළා නොදැනී,,,
සැනසුම් මිහිරක් නොසිතූ ලෙස විඳිමී,,,
සිදුවූ දෑ මේ බිතු අතරේ රැඳුනී,,,
ඇකයේ රඳවන් හිස අතගා විමසූ,,,
දුක් කඳුළින් පිරි ජීවිතයකි ගෙවුනූ,,,
අලුත් වසන්තෙක මල් නෑ යළි පිපෙනූ,,,
අපිට අපිව දන් හිමි නැති වග දැනුනී,,,
වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,
දෑතේ වීරිය හිත මත වපුරා,,,
ඩහදිය මඩටම මුසුකරලා,,,
යායේ අස්වනු ලාබෙට බෙදලා,,,
හිනැහෙයි ගොවිකම රජකරලා,,,
සැනසෙයි ලොවටම බත බෙදලා,,
නාඹර මල් විය ගෙවනා උදවිය,,,
දොල දෙණිවල සුව මග හැරලා,,,
පූදින මල් වී තාලෙට නැමුනා,,,
ගොවියන් එන මග ගරු කරලා,,,
වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,
ඔබ දුක් විඳිනා හැටි දැකලා,,,
ලෝකෙම කුසගිනි දැතින් නිවලා,,,
හිනහේ ගොවියෝ සිත පුරලා,,,
ඩහදිය මඩටම මුසුකරලා,,,
යායේ අස්වනු ලාබෙට බෙදලා,,,
හිනැහෙයි ගොවිකම රජකරලා,,,
සැනසෙයි ලොවටම බත බෙදලා,,
නාඹර මල් විය ගෙවනා උදවිය,,,
දොල දෙණිවල සුව මග හැරලා,,,
පූදින මල් වී තාලෙට නැමුනා,,,
ගොවියන් එන මග ගරු කරලා,,,
වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,
ඔබ දුක් විඳිනා හැටි දැකලා,,,
ලෝකෙම කුසගිනි දැතින් නිවලා,,,
හිනහේ ගොවියෝ සිත පුරලා,,,
කොලොප්පමට හූ පිම්බට,,,නිතඹ නට තාලෙට,,,
උඩැක්කි තාලෙට නැටවෙන කලට්ට වගෙ නාඹර,,,
ඔඩොක්කුවේ නිදාගන්න උන් කවුරුත් කෑදර,,,
මඩක්කුවේ ඇඹුල් තියල් හන්ගන් උබ ලාබෙට,,,
මුඩුක්කුවෙන් එන උන්ටත් දුන්නේ රා කාලට,,,
කුලප්පු වූ තරුණ ගැටව්,,,වටකොටගෙන ගාරිව,,,
කඩිප්පු කුට්ටම වයනව,,,ගන්ඨාබෙර නාදෙට,,,
කොලොප්පමට හූ පිම්බට,,,නිතඹ නට තාලෙට,,,
ඔරොප්පුවෙන්නෑ ගාරිත් වටේම උන් පෝලිම,,,
හුචක්කු අස්සේ පැන්නම පොලෝසියේ සායම,,,
නැටිච්චි ලඟ දියවෙනවා,,,නාබියෙ දඟාකරෙට,,,
කනප්පුවේ මොණරු තියන් පොලෝසියට පෑවම,,,
තරප්පුවෙන් රිoගනවා ගාරිගෙ ලඟ ලෝලෙට,,
ඔඩොක්කුවේ නිදාගන්න උන් කවුරුත් කෑදර,,,
මඩක්කුවේ ඇඹුල් තියල් හන්ගන් උබ ලාබෙට,,,
මුඩුක්කුවෙන් එන උන්ටත් දුන්නේ රා කාලට,,,
කුලප්පු වූ තරුණ ගැටව්,,,වටකොටගෙන ගාරිව,,,
කඩිප්පු කුට්ටම වයනව,,,ගන්ඨාබෙර නාදෙට,,,
කොලොප්පමට හූ පිම්බට,,,නිතඹ නට තාලෙට,,,
ඔරොප්පුවෙන්නෑ ගාරිත් වටේම උන් පෝලිම,,,
හුචක්කු අස්සේ පැන්නම පොලෝසියේ සායම,,,
නැටිච්චි ලඟ දියවෙනවා,,,නාබියෙ දඟාකරෙට,,,
කනප්පුවේ මොණරු තියන් පොලෝසියට පෑවම,,,
තරප්පුවෙන් රිoගනවා ගාරිගෙ ලඟ ලෝලෙට,,
පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,,
පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,,
සුවදේ හදේ,,,රැඳුනා ඔබේ,,,නෙතු කැල්ම රහසේ හෙලූ,,,
ඔබ මාගෙ වීනම්,,,සුව දේවි සෙනෙහෙන්,,,රජ කිරුළ ලැබුනා වැනී,,,
ඔබ මාගෙ වීනම්,,,සුව සදමි සෙනෙහෙන්,,,
රජකුමරු ඔබනේ මගෙ
පිණි සිසිළ ඉස්සා වැනී,,,ඔය දසුන නෙතඟේ වෙළී,,,
සෙව්වා හදේ ඉන්න,,,මනසේ රැඳී,,ඉන්න
මගෙ දේවි මතකේ බැඳී,,,
මිණි තෝඩු ඕනෑ නැතී,,ඔබෙ සෙවනෙ සැනසුම ඇතී,,,
නිස අන්දුර දුරලා මනමාළි කරලා ,,,
ගෙනයන්න කුමරාණෙනී...
දුක කඳුළ මා ළඟ රැඳී,,,නුහුරුයිනෙ සියුමැළි ලැමේ,,,
ලතැවුල් මකාගන්න ,,,මොහොතක් සිනා වෙන්න ,,,
පුලුවන්ද කඳුලැල් නෙතේ,,,
සිත රිදුන මොහොතක් හිමී,,,ඉවසන්න හැකිනම් ලැමේ,,,
යට රැඳුනු සුසුමක්,,,මගෙ වතට තවරන්න,,,
සැනසිල්ල මා ළඟ ඇතී,,,
සෙනෙහස මිතු දම චපල වෙලා,,,
සෙනෙහෙ සොයා දුන් මිතු දම විස්වාසය තබලා,,,
සෙනෙහස මෙන් ඒ මිතුදම ඉහලින් ඇදහූවා,,,
එනමුදු කිසිදා නොසිතූ විලාසෙන්,,,
ඔබ අද ඔහුගෙම පෙම් රැජිණිය වීලා,,,,
ඔබ මා සිත බිඳ ,,,ඔහු ළඟ නතරවෙලා,,,,
ඉවසා ගනු කෙළෙසින්,,,ඉවසාගනු කෙළෙසින්,,,
ඇස් දෙක වාගේ ඔබ මෙන් ඔහු මට,,,
සැමදා දිවියට සවිය වෙලා,,,
සියලු සබඳකම් මෙලෙසින් සිඳලා
මා සිත මුලාකළා,,,
සෙනෙහස මිතු දම චපල වෙලා,,,
නෙත් දිය කිසිදා නොවේ නිමා,,,
රන්මුදු පළඳින දිනයක ඔබ මට,,,
සිරි සුබ මoගල මොහොත කියා,,,
මිතුරු දමට යළි ඇරයුම් කරලා,,,
යයි නම් ඔහුගෙ වෙලා,,,
හදවත දෙනයණ හඬයි සදා,,,
එනමුදු කිසිදා නොදෙමි නිගා,,,
ආසයි තවරන්නට සුසුමක් ආලෙන්,,,
අළුයම සිනා පුරන බන්ඩි කැකුලු මල් සුවඳින්,,,
සැනසෙන ආකාසෙම එළිය වීලු සුබ දසුනින්,,,
නිදි බිඳ ඇහැරෙන සඳ දසුන් මවන ඈ ගාවින්,,,
සිත සිප සැනසෙනවා ඇයටත් නොදනී රහසින්,,,
පවනට සුවඳ දීපු මල් හැඩකාරයි,,,
ඒ මල් අතර පිපුනු ඔබෙ රූ බෝමයි,,,
තාලෙට හිනැහෙන මල දුර මුත් මාගෙන්,,,
ආසයි තවරන්නට සුසුමක් ආලෙන්,,,
දෙවැටෙන් වෙන්වූවත් අපෙ ගෙයි මාඉම්,,,
තියේද මේ හිත් ලඟ සීමා මායිම්,,,
මොහොතින් මොහොතට පාටට පාටින්,,,
හැඩ වී විපරම මාවද කෝලෙන්,,,
සැනසෙන ආකාසෙම එළිය වීලු සුබ දසුනින්,,,
නිදි බිඳ ඇහැරෙන සඳ දසුන් මවන ඈ ගාවින්,,,
සිත සිප සැනසෙනවා ඇයටත් නොදනී රහසින්,,,
පවනට සුවඳ දීපු මල් හැඩකාරයි,,,
ඒ මල් අතර පිපුනු ඔබෙ රූ බෝමයි,,,
තාලෙට හිනැහෙන මල දුර මුත් මාගෙන්,,,
ආසයි තවරන්නට සුසුමක් ආලෙන්,,,
දෙවැටෙන් වෙන්වූවත් අපෙ ගෙයි මාඉම්,,,
තියේද මේ හිත් ලඟ සීමා මායිම්,,,
මොහොතින් මොහොතට පාටට පාටින්,,,
හැඩ වී විපරම මාවද කෝලෙන්,,,
සිoහගිරියේ ඔබ එදා,,,ගලේ සුමුදුම තැන් සොයා,,,
කසුප් නිරිඳුන් කළේ සිත්තම්,,,
ගලේ මතුපිට රූ ළඳුන්,,,
නෙලූ මල් ගෙන ලියෝ පන්සල් ගියේ රජුනට පින්දෙමින්,,,
ලොවේ සියොනෙත් වසඟ කරවන තිසරු පිරිපුන් ඒ ලඳුන්,,,
අදත් කියනව ඔබේ ගුන තෙද සඟවලා පියෙකුගෙ රිදුම්,,,
අහස් මැදුරේ සිට එදා,,,
කලා වැව ඉම දෙස බලා,,,
හෙලූ සුසුමන් පියා වෙනුවෙන්,,,
අදත් පවනේ හැඬවෙනා,,,
සිoහගිරියේ ඔබ එදා,,,
ගලේ සුමුදුම තැන් සොයා,,,
කළා වාගෙයි ළඳුන් සමගින්,,,
ලොවක් දිනු සිතුවම් නුරා,,,
ගලේ මතුපිට රූ ළඳුන්,,,
නෙලූ මල් ගෙන ලියෝ පන්සල් ගියේ රජුනට පින්දෙමින්,,,
ලොවේ සියොනෙත් වසඟ කරවන තිසරු පිරිපුන් ඒ ලඳුන්,,,
අදත් කියනව ඔබේ ගුන තෙද සඟවලා පියෙකුගෙ රිදුම්,,,
අහස් මැදුරේ සිට එදා,,,
කලා වැව ඉම දෙස බලා,,,
හෙලූ සුසුමන් පියා වෙනුවෙන්,,,
අදත් පවනේ හැඬවෙනා,,,
සිoහගිරියේ ඔබ එදා,,,
ගලේ සුමුදුම තැන් සොයා,,,
කළා වාගෙයි ළඳුන් සමගින්,,,
ලොවක් දිනු සිතුවම් නුරා,,,
සෙනේ සුවඳ අරන් එන්න කුමරෝ
සිනා සේල පලන්දන්න,,,
පැතුම් පඬුරු වඩම්මන්න,,,
ඔබ එනවද ආදර මගෙ කුමරෝ,,,
පියා සළන කිරිල්ලියට ,,,
විළඳ නොවේ සෙනේ දෙන්න,,,
වස්සානය එය මගෙ ජීවිතයේ,,,
නුවර වැවට පවන් සළන සුළඟේ,,,
හන්තානේ සෙනේ සුවඳ මුසුවී,,,
නිතර වසින පොද වැස්සේ,,,
ආදර මල් පූදිනවා නිබඳේ,,,
නමුණු කුළට පායන සඳ පින්නේ,,,
පිපී වැනෙන සීතල මල් ගොමුවේ,,
ඔබ එනකම් බලන් ඉන්නේ,,,
සෙනේ සුවඳ අරන් එන්න කුමරෝ...
සමාව අයදියි සමුගෙන යන්නට,,,
සිනාව ගෙනදී ජීවිත යහනට...
සක්මන් කළදා මා අත් බැඳගෙන...
සෙනේ විල් දියේ තෙමි තෙමි මගෙ වූ...
ඔබම අද ඇවිත් සමුගෙන යන්නට...
මගෙන් දුරස්වී වෙනතක යන්නට...
සෙනෙහස ගෙනදී මා සැනසූ ඔබ...
කඳුළින් බොඳ කර මා නෙතු ඉම සිට...
සමාව අයදියි සමුගෙන යන්නට...
හදවත කෙලෙසින් ඉවසන්නේ...
එනමුදු ඔබේ ලොව දුකක් නොවේවා කඳුළින්...
කඳුළක දියවෙන මතකය අතරේ...
නුඹ මා බදාන සෙනෙහස මුමුණා...
ලොවට බියෙන් සමුගන්නා මොහොතේ...
තුන් සිත ඉකිබිඳ හඩයි සොවින්...
එනමුදු ලොව දුකක් නොවේවා කඳුළින්...
යා යුතුම හින්දා,,,
නොසිඳෙනා කඳුළක්,,,,දෙනුවනේ රඳවා තියන්,,,,
ගිලිහෙනා පැතුමක් ,,,සුසුමකින් සඟාවා තියන්,,,
අරමුණක් සරණක් සොයා නොව,,, යා යුතුම හින්දා,,,
මිදී යන්නෙමි ඔබේ සෙනෙහෙන් මේ ලෙසින්,,,
සසර දිගු දුර වන්දනාවේ ඔබත් උන්නා මා ලඟින්,,,
මාත් නොවෙනස් සිතින් ලන්වී ඔබෙන් වින්දා පෙම් සුසුම්,,,
ඒත් හිමිකම් නැති සෙනේ අද රැඳී ඉන්නද කොයි ලෙසින් ලන්වී,,,
කොයි ලෙසින් ලන්වී,,,
ගඟන තරු මිණි වන්දනාවේ සඳක් සෙව්වා ජීවිතෙන්,,,
අතර සඳ මිණ මගේ නොව බැව් දැනී හැඬුනා මා නෙතින්,,,
අතැර යන්නට සිතක් නැතිමුත් දුකින් යන්නේ මේ ලෙසින් වෙන්වී,,,
මේ ලෙසින් වෙන්වී,,,
මහගිරි දඹ නැග පැතුමක් පැතුවා
සඳ ළියේ තනිවුනු යහනෙ මා හැඬූ දිනේ,,,
සඳ ළියේ තනිවුනු යහනෙ මා හැඬූ දිනේ,,,
නුඹ තැනූ ඉමිහිරි සිහින බොඳ වුනා මෙසේ,,,
ගඟ දියේ ඔරුවේ තැනූ පෙම් විමානයේ,,,
රුවල ගිළිහී ගියා වාගේ මගේ ලොවේ,,,
ඔරුවේ ඈත පාවී,,රැඳුනේ මා නෙතු යාවී,,,
කඳුළේ සේදි සේදී රහසින් දෑසේ වෑහේ,,,
නැගුනා සෙනෙහේ බොළඳී ආල නියා,,,
බිඳුනා ගඟුළේ දිය වැල් පාලුම රෑ,,,
මැදුරේ පාලු යාමේ,,,සෙව්වේ මාවම දේවී,,,
හදෙහී යාවු ප්‍රේමේ ඔබගෙයි ආදර දේවී,,,
සෙනෙහේ බින්දේ කවුරුද දෑස වසා,,,
සැලුනා මෙලෙසින් කඳුළින් සුසුම් දොවා,,,
කෝ මට වසන්තයක්...
නා තුරු පත් මත පිණි කඳුළක් තවරා,,,
වැටුනා රූරා ජීවිතයම නහවා,,,
පීදෙන නාමල් සුවඳට හිත යොමලා,,,
සීතල සිත දිව පැන්නා ඔබ සොයලා
කෝ මට වසන්තයක්,,කෝ මට වසන්තයක්...
වාවනු බැරි සිත යළි පාරන්නට වැටෙනා අසනි වැසී,,,
යාවුනෙ නැති සිතකින් සෙව් සෙනෙහස කඳුලින් දියව යතී,,,
කෝ මට වසන්තයක්...කෝ මට වසන්තයක්,,,
ගී හඬ පතුරා කොවුලන් නගනා මිහිරියි ගීත රසේ,,,
එනමුදු ඒ ගී කාටද ගයුවේ,,,මා සිත තාම නිදී,,,
කෝ මට වසන්තයක්...කෝ මට වසන්තයක්,,,
ඔබේ ඔය සිල් හිතට මන් එදා වැන්දා
ලොකුම ලොකු ආලයක් ඔබට මන් දුන්නා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
තරු රටා අතර සඳ සක්මනෙ යෙදුනා,,,
සඳ වඩින්නට කලින් යහන හොරු ඉරුවා,,,
කඳුලු වැහි කූඩයක් නෙතු කඩා වැටුනා,,,
සාගරය පිරෙන්නට කඳුලු ගඟ ගැලුවා,,,
ඔබේ ඔය සිල් හිතට මන් එදා වැන්දා,,,
ඒත් අද සිල් හිතම මල් අසුන බින්දා,,,
සිනාසෙන නෙතු අතරෙ මල්සුවඳ සෙව්වා,,,
එත් ඒ මල් කැකුලෙ බබරු රොන් සෙව්වා
විරැහිණියක් වී ඔබ හැඬුදා,,,
විරැහිණියක් වී ඔබ හැඬුදා,,,
මා දෙනෙතින් කඳුලක් වැටුනා,,,
අනුකම්පාවක් දයාව විළසින්
සෙනෙහස් මල් කැකුළක් පිපුනා,,,
පෙර සoසාරෙත් හමුවීලා,,,
උන්විළසින් අපෙ සිත් බැඳිලා,,,
එනමුදු කිසිදා එක්වීමක් නැත,,,
මා අතැඟිළි වෙනතක බැඳිලා,,,
බොල්පිණි මල් පෙති මත රැඳිලා,,,
උන්නත් මොහොතක සුව සදලා,,,
ආයෙත් අසරණ පිනිමල් කැකුලට ,,,
ජීවිතයම කටු වැට බැඳිලා,,
අභිනික්මන
බෝසත් උතුම් මෙලොව මිනිසත් ලෙසින්,,,
විඳි සුඛ විවරණ පසෙකලා,,,
අභිනික්ගමන් යන්න ආ මග ඉඳන් ,,,
කන්ථක අසුත් දුකින් මියැදුනා,,,
සඳකැන් ඇවිත් නේරන්ජන නදී ලඟට,,,
හඬමින් සිටින ඇයව සැනසුවා,,,
මැදුරේ තනිව හඬන කුමරී හෙලූ කඳුලු ,,,
රාහුල පුතුන්වත් නැහැවුනා,,,
අසිපත් මුවින් සිඳුනු කෙස් සිළ අරන් දෙවිඳු,,,
බෝසත් නමින් සාදු නද කළා,,,
සසරේ ගෙනා සියලු කෙලෙසුන් නසා දිනෙක ,,,
අදිටන් බෙලෙන් එතුමෝ බුදුවුනා,,,
මා අත් තටු බිඳලා
වැව වටේ පිපෙන ඇහැල මල් ගෙනල්ලා,,,
සුවඳ ඉසලා,,සරසාලා,,
මල් රටා අතර මා සිත සනසා,,,
මේ විළසින් ඔබ ,,,
ඒ සයනයේම මා අත් තටු බිඳලා,,,
කාටවත්ම තිබුනේ නෑ මේ කුටියට එන්න ඉඩක්,,
සොඳුරු දසුන් මැව්ව ඔබම දුන්නෙ ආදරේට ඉඩක්,,,
අහිoසකම කිරිල්ලියට විළඳ ගෙනෙන ලෙසින් ඇවිත්,,,
මල් පෙති මත ලේ හලලා යන්න ගියේ කොහොම දුරක්,,,
කවුළු පියන් හැර බලද්දි පෙනුනෙ වැවයි ඇහැල වැටයි,,,
ඒ අතරින් සිහිනෙන් මෙන් මැවුනේ ඔබේ සොඳුරු රුවයි,,,
ඇහැල මලට මල් සුවඳට වඩා සුවඳ දුන්නු ඔබයි,,,
බඹර තුඩින් ඇහැල මලේ පෙති සිඳ බිඳ සැඟව ගියයි,,,
ජීවන ගමනට මව මෙන් පණ දුන් නුඹ අම්ම වාගෙම දැනෙනා,,,
රෑ සඳ පින්නේ,,තාලෙට හිනහී,,,
මා සිත පුබුදන්නී,,,
ආදර යහනට මී විත ගෙනදී ,,,රහසින් කොඳුරන්නී,,,
සීතල පවනේ උණුසුම පතුරා මාහට ලන්වන්නී,,,
ජීවන ගමනට නුඹ දුන් සෙනෙහෙයි,,,
මා සිත මතුරන්නේ,,,
අතිනත ගත්දා මා වත බදාන නුබ හැඬුවා සෙනෙහස කොඳුරා,,,
කතරක වැතිරී පණ ඇයැදූ මන් නුඹ සමගින් හැඬුවා ඉඳුරා,,,
සුසිනිදු කුස රැඳි පිබිදෙන කැකුලට ඔබ දන් දුන් සෙනෙහස දිලුනා,,,
ජීවන ගමනට මව මෙන් පණ දුන් නුඹ අම්ම වාගෙම දැනෙනා,,,
සඳෙන් ඒ සාවි මැකෙන්නෑ
ඔය නිල් දෙනුවන් දෙසම බලා මා,,,
සෙනෙහස පිරි ඒ කාලෙ පුරා,,,
ඔබෙන් රිදුම් දුන් හදේ සියුම් තැන්,,,
මගේ සිතින් මා පිරිමද්දේ,,
ඔබ ගිය දා සිට මා රිදවා,,,
අප වෙන්වීලා වැඩි ඈතක නෑ,,,
ඒත් ඔබට දැන් මාව මතක නෑ,,,
අන් හද කුටියක සෙනෙහෙ සොයා නුබ,,,
තුරුලුවෙලා උන්නාට පුදුම නෑ,,,
සද තනිවූවට සාවි හඬන්නෑ,,,
ඒත් සඳෙන් ඒ සාවි මැකෙන්නෑ,,,
මන් තනි වූවට නුබට දුකක් නෑ,,,
ඒත් ඔබව මගෙ හිතින් මකෙන්නෑ,,,
තන්නි
අරුමොසම් නැති රූ චායා,,,
කලුකම්බේරිය මල් ගමුවේ,,,නුබ පිපිලා වන මල් අතරේ,,,
සුවඳයි සිනිදුයි,,,මා සිත බැඳුනයි,,,බිඟු නොදුටුවේ කෙලෙසින් මාලී,,,
අරුමොසම් නැති රූ චායා,,,මා නෙතු යාවී දඟ පෑවා,,,
කෝමළ රේඛා සොඳුරුයි දේවී,,,නුබෙ රූසිරු සිත සැනසූවා,,,
හිමිකාරිද මගෙ සිත කීවා,,,මේ සිත ආයේ නුඹ සෙව්වා,,,
පායන රන්තරු යුවළක් වාගේ,,,දඟ දෙනුවන් මතකේ ලීවා,,,
සමනල් පෙමක් දුර යන්නෑ
මා සිතින් විමසනවා,,,මා වැරදීද කියලා,,,
ඔබ ,,,ඔබෙන් විමසන්,,න,,,
ඔබ වැරදීද කියලා,,,
සාක්ශි හඬගාවී,,,කවුරුදැයි වැරදී,,,
මගේ පණ ටික නැති වුනත් කම් නෑ,,,
පවට මාගෙන් සමාවක්නම් නෑ,,,
ඔබද වැරදී කියා විමසන්නෑ,,,
ඒත් වරදට තවත් ඉඩනම් නෑ,,,
සිතේ සමනල් හැඟුම් නම් කම් නෑ,,,
ඒත් සමනල් පෙමක් දුර යන්නෑ,,,
නුබත් සමනල් හැඟුම් පිරි හන්දා,,,
මගේ හිතටත් සැනසුමක්නම් නෑ,,,
අදට වඩා අපි කාටත් සොඳුරුයි අපේ පුoචි කාලේ...
කොස් කොල ඔටුන්න රජකම කැන්දූ අපේ බොළඳ බාලේ,,,
වැලි පොල්කටුවේ වැලිබත් උයලා සම්ගිව උන් කාලේ,,,
දo එරමිණියා ගඩා කඩන්නට කැලෑ පැන්න කාලේ,,,
අදට වඩා අපි කාටත් සොඳුරුයි අපේ පුoචි කාලේ...
අකුරට යන්නට වැඩියෙන් ආසයි බොරු ලෙඩ අරගෙන ඉන්න,,,
අම්ම තාත්තට කරදර කළාට හිත් නෑ තැලුවේ ඔන්න,,,
ඉකි බිඳ හැඬුවේ සෙනෙහස දිනන්න පොඩි දේටත් දුක් ගන්න,,,
අදටත් ගම් පියසට දිව යනවා,,,පොඩි කාලෙදි අප උන්න,,,,
අක්කල නoගිලා මල් දම් ගොතාන කොන්ඩ කරල සරසන්න,,,
අය්යල මලයල රoචු ගැසීගෙන දoඩි පටව් අල්ලන්න,,,
ඇල දොල වැව් ලඟ වෙල් වක්කඩවල අපිත් නට නටා උන්න,,,
ආසයි ආයෙත් සිත දිව යනවා,,, පොඩිකාලෙට දිව පැන්න,,,
යසයි සොබනියෙ රඟසොබා,,,
කොහොඹ කoකාරියේ,,,
රඟන මිහිරාවියේ,,,
රුසිරු පිoකාරියේ,,,
නෙතඟ රoජනාවියේ,,
නෙතඟ රoජනාවියේ,,,
නළල් තැලිපට හැඩවෙලා,,,
සුමුදු මුහුනේ සඳ සිනා,,,
දෑත් විහිදා කී කතා,,,
කළා සක්මන් සිත පුරා,,,
යසයි සොබනියෙ රඟසොබා,,,
පුලුල් උකුළත හැඩ වෙලා,,,
සිහින් ඉඟ සුඟ නළවලා,,,
රණේ රුව මන්මත්කළා,,,
රඟන ළැම හසරුන් නිසා,,,
යසයි සොබනිගෙ රඟසොබා,,,
සුමුදු හදවත් මතට දුක් නින්දා
නින්ද බිඳගෙන වින්දෙ ගැරහුම් ,,,
මානවිකාවන් වූ නිසා,,,
දින්නු ලොව සුදනන්ම ඇත්නම් ,,,
පිරිමින්ම නිවැරදි වුනා,,,
ලොවම අවමන් කළේ ඇයි මෙතරම්,,,
ගෙනත් දී දොස් ඈහටම නින්දා,,,
දෙවන බුදු ලෙස පදවි දරලා,,,
මවක් වූ ඈ දෙස යොමා,,,
පිරිමි සියලුම වැරදි හoගා ,,,
ඇයට ගෙනදුන් වේදනා,,,
ලොවම අවමන් කළේ ඇයි මෙතරම්,,,
සුමුදු හදවත් මතට දුක් නින්දා,,,
දරනු බැරි දුක් හුගක් හoගා ,,,
දරුවො වැදුවේ ඇය තමා,,,
ළැමෙහි සියුමැළි කමද මන්දා,,,,
කෙනෙක් වරදට නතුවෙනා,,,
ලොවම අවමන් කලේ ඇයි මෙතරම් ,,,
ගෙනත් දී දුක් ඈහටම නින්දා,,,
කලුවර විජිතය මා හට උරුම කමින්
පාවී පාවී නෙතු පිය අතරින් ගලනා කඳුලු දියෙන්,,,
යාවී යාවී උන් අප දෙතැනක සෙනෙහස දියව ගොසින්,,,
නෑවී නෑවී දෙකම්බුල් දිගේ රූරා වැටෙන රිසින්,,,
පේවී පේවී ඔබ ලඟ දවටුන මතකය දවයි සුසුම්,,,
තුරුල්වෙලා අප ගතකළ මතක තුළින්,,,
ඇසුවොත් වැරදිද ඇයි අප වෙන්ව ගොසින්,,,,
කලුවර විජිතය මා හට උරුම කමින්,,,
තනිකර ගියමුත් ඔබ ළඟ රැඳෙමි සිතින්,,,
තෙපලූ සෙනෙහස සිත තුළ සින්න කරන්,,,
ආ දුර හින්දයි මේ හැටි හෙලුවෙ සුසුම්,,,
සඳ නැති අහසක අඳුරට කවුලු ඇරන්,,,
බලන් ඉඳිමි මා නොවුනට ඔබට රිදුම්,,,
අප හමුවී වෙන්වූ වෙරලේ
සාගර වෙරලේ රැළි නැoවී,,,
වෙරළම සිපගද්දී ලoවී,,,
දෙනෙත් පියාගෙන ඔබත් ලoවුනා,,,
වැටකෙයියා මල්ගමු අතරේ,,,
අප හමුවී වෙන්වූ වෙරලේ,,,
අහසින් ගැලවී හිරු කඩා වැටී,,,
සමුගෙන යන්නට සැරසෙද්දී,,,
සැළෙනා දෙතොළඟ වදනක් පිටකර ,,,
නුඹත් යන්න යන වග කීවා,,,
දරන්න් බැරි කඳුළක් මේ ඇසිපිය,,,
අතරින් විසිරී බොඳව ගියා,,
උරෙනුර ගැටෙමින් එකට පැමිණිමුත්,,,
සමුගන්නට නුඹ සැරසෙද්දී,,,
නුබෙ වත බදාන උරමත හොවාන,,,
කඳුළින් හේතුව විමසූවා,,,
කියාගන්න බැරි මහා දුකින් ඔබ,,,
සිහිසන් නොමැතිව ඇද වැටුනා,,,
මගෙ වෙන්න මනමාළියේ
සඳ කොඳ කැකුළු සිනා දැහැනින් මනකල්,,,
කුoකුම අoජන ගැල්වූ නෙත් නිලුපුල්,,,
සoසුන් වී පියවී යන හැටි සොඳුරුයි සොඳුරුයි,,,
මත් වූ සිත් විළ උතුරා යයි දැන් දැන්,,,
දඟකාර හසරුන්,,,මිදුනාවු සතුටින්,,,
කරනාවු යස රoගනේ,,,
සඳපාන ඇවිදින් ,,,බැලුවාද හොරැහින්,,,
සුව සුසුම ගැහෙනා දැනේ,,,
සoසාරෙ පෙරුමන්,,,පිරුවාද කෙළෙසින්,,,
මගෙ වෙන්න මනමාළියේ,,,
මගෙ වෙන්න මනමාළියේ,,,
තැළිමාළ හිනැහෙන්න,,ඇඳිසේළ අතරින්ම,,,,
සෙව්වාට රසදුන් ළියේ,,,
තෙමුනාවු දෙතොලින් මුමුනාපු රහසින්,,,
ඔබ මාගෙ වූවා හැඟේ,,,
හිත ගාව සතුටින් රැඳුනාවු සෙනෙහෙන්,,,
මගෙ වෙන්න හැඩකාරියේ,,,
මගෙ වෙන්න හැඩකාරියේ,
ඔය සිත ගෙනියන්නට රහසේ
මගෙ සිත හඬනා හැම වාරේ,,,
ඔබ දුටුවේ නෑ දුක මාගේ,,,
නොදැනී දුක නොහැඟී වාගේ,,,
ඔබෙනුත් රිදුනා සිත ආයේ,,,
ඔබ දුක් විඳ විඳ උන් කාලේ,,,
සිත පිරිමැද මැද උන් මාගේ,,,
සුසුමන් කඳුළැල් ගැලු යාමේ,,,
ඔබටත් නොදැනී හැඬුනාවේ,,,
ඔය සිත ගෙනියන්නට රහසේ,,,
පෙර මග බල බල උන් ආවේ,,,
දැක්කත් එය නොදැනී වාගේ,,,
උන්නත් හද දැවුනා මාගේ,,,
සෙනෙහස අහිමිද ඔබගෙ සිතින්
ඔබ නොදැන නොවේ,,,ඔබ නොදැන නොවේ,,,
මා සිත ඔබ ගැන පිරූ පැතුම්,,,
ඔබ අහිමි කමින් දුක දැනේ ප්‍රියේ,,,
කලුවර විජතය උරුම ලෙසින්,,,
නැගුනු සෙනේහයෙ කිරුලු දරන්නට ,,,
ඇරයුම් පිදුවේ ඔබට තුටින්,,,
කාත් කවුරුවත් නොමතියි මා හට,,,
සෙනෙහස අහිමිද ඔබගෙ සිතින්,,,,
සුසුම් පිබිදිලා හිතින් පනිනවා ,,,
නුබ වෙනුවෙන් නැගි ආල සිතුම්,,,
ඒ සුසුමන් යට කඳුලු තියෙනවා ,,,
නුබ දන්නෙත් නැ නුබේ නමින්,,,
පිටුපා ඉන්නේ ඇයිද මගෙන්,,,
නපුරු දනන් ලොව පුරා සිටිනමුත්,,,
මා සිත නුබ හට දයබරයි,,,,
සෙනෙහස විඳ නැති මා සිත් අහසේ,,,
නුබ වෙනුවෙන් සඳ අමාවකයි,,,
සෙනෙහස කඳුලින්,,,හඬා වැටේයි,,,
ruwan kumara meddege
මනමාළියකගෙ සතුට රැඳුනු දින කඳුළැල් වැටෙන තැනක්
ඔක්කාක රජකළ නකුළ බමුනුකුළ,,,පැවතෙනා සිරිතක්,,,
මනමාළියකගෙ සතුට රැඳුනු දින කඳුළැල් වැටෙන තැනක්,,,
ගැනිය නොහැකිවූ කිරට හරුනු ලේ මව්නගෙ සෙනෙහෙ ගඟක්,,,
පෙව්කිරි සිහිකර කිරිකඩ පුදලා ඉකිබිඳ හඬන තැනක්,,,
මව්පිය සෙනෙහස විඳ විඳ හිඳි ඇය,,,දීගෙක යන දවසක්,,,
අතිනත අරගත් කුමරෙකු සමගින් සිරිත් පුරන මොහොතක්,,,
පියකුගෙ සෙනෙහස සිරකරගෙන හිඳ කඳුළින් වැටෙන තැනක්,,,
ගෙවන්නෙ කෙළෙසද මව්නගෙ කිරි ණය කිරිකඩ යාර හතක්,,,
සුබ මනoගල ගී පෝරුව අබියස ගැයෙනා සොඳුරු පැයක්,,,
නෑ සිය මිතුරන් සිනා පුරන යස මoගල සිලෝ හඬක්,,,
අලුත් කැදල්ලක කිරුළු දරන්නට මනළිය දිලෙන තැතක්,,,
ඇගෙ හසරැල් දැක නෑ සිය සොයුරොත් පුරනා සතුටු ගඟක්,,,
යළිත් එනුමැන කිසිත් නොකියමි මම
තිගැස්සී ඇහැරෙන,,, නෙතු පියන් අබියස,,,
හාදුවක් තවරා දිව ගිය,,,සොඳුරු දයාවී,,,
කොහේ කොතනද අද,,,
පෙමාතුර වූ මසිත් රජ දහනේ,,,මල් සුවඳ තැවරූ,,,
මිහිරි අප්සරාවී,,,කොහේ කොතනද අද,,,
වසත් යෞවන සිතින් බඳි ප්‍රේමය,,,
පසත්වී ඇත මිරිඟුවක් වූ බව,,,
උපන් පැතුමන් හදෙහීම අලුකර,,,
දුර යන්නෙ ඇයි මටත් නොකියා ඔබ,,,
කියන මුත් කවිකරම මගෙ සෙනෙහස,,,
වසන්වී යයි ලොවට රහසේ ඔබ,,,
යළිත් එනුමැන කිසිත් නොකියමි මම,,,
හිතේ දුක සෙනෙහසින් කියනවා හැර...
නිම්නැති දුක් ගිණි සුසුමින් යටකර පියවරු
සම්මා සම්බුදු පදවි ලබන්නට අම්මාවරුනට මග දීලා,,,
නිම්නැති දුක් ගිණි සුසුමින් යටකර පියවරු දරුවන් රැක ඉන්නා,,,
නින්දේ ඉද්දිත් දරුවන් වෙනුවෙන් කම්පාවන සිත් ඇති හින්දා,,,
වැන්දේ දෙනෙතට නැගෙනා කඳුළින් පිය සෙනෙහේ ගුණ සිහි කරලා,,,
රජුන් කරන්නට නොහැකි උනත් උන් ලොවක් දකින්නට අත දීලා,,,
නින්දා ගැරහුම් සිතින් දරාගෙන සතුට සොයා දුන් ගුණ නිම්නෑ,,,
රුදිරය කිරිකොට බිඳ බිඳ මුව පෙව් මව්නගෙ ගුණ මහමෙර හින්දා,,,
යටපත් සෙනෙහස යළිදු සිහිවනා,,,අම්මත් පෝදා වැඳි හින්දා,,,
දුර යන්න එපා කඩා වැටෙන හීන වැඩි නිසා
සිත් අහස පුරා ආදරයක් සිත්තම් කරලා,,,
ඔබ මැවූ හීන රටා අතර නෙතු බොඳ කරලා,,,
දුර යන්න එපා කඩා වැටෙන හීන වැඩි නිසා,,,
සඳ මා නුබේ නිසා,,,
පැතුම් පොදිහොවා,,,සිතින් විඳින මා,,,
ඔබෙන් සොයන ආදරයක මහිම නෙතු අයා,,,
එත් ඔබට නොපෙනෙන හැටි පුදුමයක් තමා,,,
සිතින් පෙම් පුරා,,,සුසුම් වල දොවා,,,
ඔබෙන් උරුම ආදරයක කඳුලු බිඳු ගලා,,,
දෙනෙත් මතින් ගිළිහෙන හැටි පුදුමයක් තමා,,,
අහිමියි අපට අපි සඳවතී
සරසන්න වුනත් සනසන්න වුනත්,,,
පින් නොමති වුනත් හද පුද සුනේ,,,
රැකගනිමි සිතින් ගෙන මලක් ලෙසින් ඔබ,,,
සිතින් වුනත් ලඟ රැඳි සෙනේ,,,,
වියවුල්ම ගෙනා සුසුමන්ම තනා,,,
කඳුලින්ම ලියවුනා පෙම අපේ,,,
තහනම්ම නොවූ සරදමක් වගේ,,,
ඉරණමින් ලිවූ හිමි නැති සෙනේ,,,
තැලි මාල දමා,,,මනමාලි වෙලා,,,
රන්කූඩු තැනූ සිහිනේ මගේ,,,
බොඳවීලා ගියා පැතුමන්ද ලිහා,,,
අහිමියි අපට අපි සඳවතී,,,
සිල් බිඳින්නෙපා සඳ ඔබ මගෙනම්,,,
සිල් බිඳින්නෙපා සඳ ඔබ මගෙනම්,,,
කඩාවැටෙයි සෙනෙහස කඳුලින්,,,
කුමරී රජ මැදුරේ මල්දම්,,,
පළදන්නට බෑ මට තහනම්,,,
නේත්‍රාන්ජන නුඹෙ මනරම්,,,
රූසිරි වින්දෙමි මo රහසින්,,,
කෝලසිතින් මා හට ඇරයුම්,,,
දුන්නත් කුමරිය කෙලෙස ලබම්,,,
රත්‍රියෙත් නුබ සිතේ තියන්,,,
රජවුනි සිහිනෙන් නුබව ලබන්,,,
එනමුදු ඇහරී බලන සැනින්,,,
සිල් බිඳලා ඔබ ලොවට හොරෙන්,,,
එල්ලෙන පාලම ලඟ,,, බැන්ද සෙනෙහසින්
වැස්ස වගේ ඇවිදින් ,,,මගෙ හිත පිරෙන්න වැටෙන්න,,,
තිස්ස වැව ඔබයි,,, සිසිළස දුන්නෙ මට ඔබයි,,,
තිස්ස වැවේ ඉවුර දිගේ මාව සොයා ඇදෙන්න,,,
සුදු මැණික ඉන්න හැමදාමත්,,තිස්ස වැව වගේ පිරෙන්න,,,
සද්ද නැතිව ඇවිදින්,,,මගෙ දෑස් අතින් වසාලා,,,
ආදරෙන් දුන්නු මල් පිණි කැට ඔබේ සුවඳ පොදයි,,,
සෙල්ල කතරගමදි දැක්ක,,,රෝස කැකුළ නැළවනකොට,,,
එල්ලෙන පාලම ලඟ,,, බැන්ද සෙනෙහසින් රැඳෙන්න,,,
රැන්දු සිනා මල් මුවහස,,,දෙන්න එපා සේදෙන්නට,,,
හැමදාමත් මා සැනසෙන ,,,දසුන නුබේ තමයි,,,
Subscribe to:
Posts (Atom)