අදට වඩා අපි කාටත් සොඳුරුයි අපේ පුoචි කාලේ...

|

කොස් කොල ඔටුන්න රජකම කැන්දූ අපේ බොළඳ බාලේ,,,
වැලි පොල්කටුවේ වැලිබත් උයලා සම්ගිව උන් කාලේ,,,
දo එරමිණියා ගඩා කඩන්නට කැලෑ පැන්න කාලේ,,,
අදට වඩා අපි කාටත් සොඳුරුයි අපේ පුoචි කාලේ...

අකුරට යන්නට වැඩියෙන් ආසයි බොරු ලෙඩ අරගෙන ඉන්න,,,
අම්ම තාත්තට කරදර කළාට හිත් නෑ තැලුවේ ඔන්න,,,
ඉකි බිඳ හැඬුවේ සෙනෙහස දිනන්න පොඩි දේටත් දුක් ගන්න,,,
අදටත් ගම් පියසට දිව යනවා,,,පොඩි කාලෙදි අප උන්න,,,,

අක්කල නoගිලා මල් දම් ගොතාන කොන්ඩ කරල සරසන්න,,,
අය්යල මලයල රoචු ගැසීගෙන දoඩි පටව් අල්ලන්න,,,
ඇල දොල වැව් ලඟ වෙල් වක්කඩවල අපිත් නට නටා උන්න,,,
ආසයි ආයෙත් සිත දිව යනවා,,, පොඩිකාලෙට දිව පැන්න,,,

0 comments: