සුමුදු හදවත් මතට දුක් නින්දා

|

නින්ද බිඳගෙන වින්දෙ ගැරහුම් ,,,
මානවිකාවන් වූ නිසා,,,
දින්නු ලොව සුදනන්ම ඇත්නම් ,,,
පිරිමින්ම නිවැරදි වුනා,,,
ලොවම අවමන් කළේ ඇයි මෙතරම්,,,
ගෙනත් දී දොස් ඈහටම නින්දා,,,

දෙවන බුදු ලෙස පදවි දරලා,,,
මවක් වූ ඈ දෙස යොමා,,,
පිරිමි සියලුම වැරදි හoගා ,,,
ඇයට ගෙනදුන් වේදනා,,,
ලොවම අවමන් කළේ ඇයි මෙතරම්,,,
සුමුදු හදවත් මතට දුක් නින්දා,,,

දරනු බැරි දුක් හුගක් හoගා ,,,
දරුවො වැදුවේ ඇය තමා,,,
ළැමෙහි සියුමැළි කමද මන්දා,,,,
කෙනෙක් වරදට නතුවෙනා,,,
ලොවම අවමන් කලේ ඇයි මෙතරම් ,,,
ගෙනත් දී දුක් ඈහටම නින්දා,,,

0 comments: