කලුවර විජිතය මා හට උරුම කමින්

|

පාවී පාවී නෙතු පිය අතරින් ගලනා කඳුලු දියෙන්,,,
යාවී යාවී උන් අප දෙතැනක සෙනෙහස දියව ගොසින්,,,
නෑවී නෑවී දෙකම්බුල් දිගේ රූරා වැටෙන රිසින්,,,
පේවී පේවී ඔබ ලඟ දවටුන මතකය දවයි සුසුම්,,,

තුරුල්වෙලා අප ගතකළ මතක තුළින්,,,
ඇසුවොත් වැරදිද ඇයි අප වෙන්ව ගොසින්,,,,
කලුවර විජිතය මා හට උරුම කමින්,,,
තනිකර ගියමුත් ඔබ ළඟ රැඳෙමි සිතින්,,,

තෙපලූ සෙනෙහස සිත තුළ සින්න කරන්,,,
ආ දුර හින්දයි මේ හැටි හෙලුවෙ සුසුම්,,,
සඳ නැති අහසක අඳුරට කවුලු ඇරන්,,,
බලන් ඉඳිමි මා නොවුනට ඔබට රිදුම්,,,

0 comments: