යළිත් එනුමැන කිසිත් නොකියමි මම

Saturday, June 4, 2011 |

තිගැස්සී ඇහැරෙන,,, නෙතු පියන් අබියස,,,
හාදුවක් තවරා දිව ගිය,,,සොඳුරු දයාවී,,,
කොහේ කොතනද අද,,,
පෙමාතුර වූ මසිත් රජ දහනේ,,,මල් සුවඳ තැවරූ,,,
මිහිරි අප්සරාවී,,,කොහේ කොතනද අද,,,

වසත් යෞවන සිතින් බඳි ප්‍රේමය,,,
පසත්වී ඇත මිරිඟුවක් වූ බව,,,
උපන් පැතුමන් හදෙහීම අලුකර,,,
දුර යන්නෙ ඇයි මටත් නොකියා ඔබ,,,

කියන මුත් කවිකරම මගෙ සෙනෙහස,,,
වසන්වී යයි ලොවට රහසේ ඔබ,,,
යළිත් එනුමැන කිසිත් නොකියමි මම,,,
හිතේ දුක සෙනෙහසින් කියනවා හැර...

1 comments:

රත්ගමයා said...

ෆැන්ටෑස්ටික්.....