මනමාළියකගෙ සතුට රැඳුනු දින කඳුළැල් වැටෙන තැනක්

Saturday, June 11, 2011 |

ඔක්කාක රජකළ නකුළ බමුනුකුළ,,,පැවතෙනා සිරිතක්,,,
මනමාළියකගෙ සතුට රැඳුනු දින කඳුළැල් වැටෙන තැනක්,,,
ගැනිය නොහැකිවූ කිරට හරුනු ලේ මව්නගෙ සෙනෙහෙ ගඟක්,,,
පෙව්කිරි සිහිකර කිරිකඩ පුදලා ඉකිබිඳ හඬන තැනක්,,,

මව්පිය සෙනෙහස විඳ විඳ හිඳි ඇය,,,දීගෙක යන දවසක්,,,
අතිනත අරගත් කුමරෙකු සමගින් සිරිත් පුරන මොහොතක්,,,
පියකුගෙ සෙනෙහස සිරකරගෙන හිඳ කඳුළින් වැටෙන තැනක්,,,
ගෙවන්නෙ කෙළෙසද මව්නගෙ කිරි ණය කිරිකඩ යාර හතක්,,,

සුබ මනoගල ගී පෝරුව අබියස ගැයෙනා සොඳුරු පැයක්,,,
නෑ සිය මිතුරන් සිනා පුරන යස මoගල සිලෝ හඬක්,,,
අලුත් කැදල්ලක කිරුළු දරන්නට මනළිය දිලෙන තැතක්,,,
ඇගෙ හසරැල් දැක නෑ සිය සොයුරොත් පුරනා සතුටු ගඟක්,,,

1 comments:

රවා said...

කාලෙකට පස්සෙ මෙ පැත්තෙ ආවෙ.. අපුරුයි.. ලස්සන ගිතයක්,.. එහෙමත් නැත්තම් කවියක්.... මොනව කිව්වත් අපුරු නිර්මානයක්