නිම්නැති දුක් ගිණි සුසුමින් යටකර පියවරු

|

සම්මා සම්බුදු පදවි ලබන්නට අම්මාවරුනට මග දීලා,,,
නිම්නැති දුක් ගිණි සුසුමින් යටකර පියවරු දරුවන් රැක ඉන්නා,,,
නින්දේ ඉද්දිත් දරුවන් වෙනුවෙන් කම්පාවන සිත් ඇති හින්දා,,,
වැන්දේ දෙනෙතට නැගෙනා කඳුළින් පිය සෙනෙහේ ගුණ සිහි කරලා,,,

රජුන් කරන්නට නොහැකි උනත් උන් ලොවක් දකින්නට අත දීලා,,,
නින්දා ගැරහුම් සිතින් දරාගෙන සතුට සොයා දුන් ගුණ නිම්නෑ,,,

රුදිරය කිරිකොට බිඳ බිඳ මුව පෙව් මව්නගෙ ගුණ මහමෙර හින්දා,,,
යටපත් සෙනෙහස යළිදු සිහිවනා,,,අම්මත් පෝදා වැඳි හින්දා,,,

0 comments: