සිල් බිඳින්නෙපා සඳ ඔබ මගෙනම්,,,

|

සිල් බිඳින්නෙපා සඳ ඔබ මගෙනම්,,,
කඩාවැටෙයි සෙනෙහස කඳුලින්,,,
කුමරී රජ මැදුරේ මල්දම්,,,
පළදන්නට බෑ මට තහනම්,,,

නේත්‍රාන්ජන නුඹෙ මනරම්,,,
රූසිරි වින්දෙමි මo රහසින්,,,
කෝලසිතින් මා හට ඇරයුම්,,,
දුන්නත් කුමරිය කෙලෙස ලබම්,,,

රත්‍රියෙත් නුබ සිතේ තියන්,,,
රජවුනි සිහිනෙන් නුබව ලබන්,,,
එනමුදු ඇහරී බලන සැනින්,,,
සිල් බිඳලා ඔබ ලොවට හොරෙන්,,,

1 comments:

පන්සල් හංදිය said...

ලස්සන පදවැල් ටික.........