මගෙ වෙන්න හැමදාම අපි අපේ,,,

|
සිනා සරසන්න නෙතු මාවතේ,,,
සෙනේ තවරන්න මුලු ජීවිතේ,,,
ගැලූ කඳුලින්ම සේදුනු බිමේ,,,
මගේ වී ඉන්න මුලු ජීවිතේ,,,

උතුරාපු ආදරයක් ඔබ කෙරේ,,,
මතුරාපු සාගරයක් හද පිරේ,,,
පිරුනාවු මල්කෙමියක් රස ලොවේ,,,
ඔබ ලoව ඉන්නේනම්  මගෙ ලොවේ,,,

සඳ රැයක තරු පීදී ඔබෙ නෙතේ,,,
දිදුලාවි මුලු රෑම නෙතු ඉමේ,,,
දුක් පාලු දුරලාන හෙට දිනේ,,,
මගෙ වෙන්න හැමදාම අපි අපේ,,,

0 comments: