ආසයි තවරන්නට සුසුමක් ආලෙන්,,,

|
අළුයම සිනා පුරන බන්ඩි කැකුලු මල් සුවඳින්,,,
සැනසෙන ආකාසෙම එළිය වීලු සුබ දසුනින්,,,
නිදි බිඳ ඇහැරෙන සඳ දසුන් මවන ඈ ගාවින්,,,
සිත සිප සැනසෙනවා ඇයටත් නොදනී රහසින්,,,

පවනට සුවඳ දීපු මල් හැඩකාරයි,,,
ඒ මල් අතර පිපුනු ඔබෙ රූ බෝමයි,,,
තාලෙට හිනැහෙන මල දුර මුත් මාගෙන්,,,
ආසයි තවරන්නට සුසුමක් ආලෙන්,,,

දෙවැටෙන් වෙන්වූවත් අපෙ ගෙයි මාඉම්,,,
තියේද මේ හිත් ලඟ සීමා මායිම්,,,
මොහොතින් මොහොතට පාටට පාටින්,,,
හැඩ වී විපරම මාවද කෝලෙන්,,,

1 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

කෝල වෙන්නේ නැතුව දෙන්නයි තියෙන්නේ ....