වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,

Sunday, October 23, 2011 |
දෑතේ වීරිය හිත මත වපුරා,,,
ඩහදිය  මඩටම මුසුකරලා,,,
යායේ අස්වනු ලාබෙට බෙදලා,,,
හිනැහෙයි ගොවිකම රජකරලා,,,
සැනසෙයි ලොවටම බත බෙදලා,,

නාඹර මල් විය ගෙවනා උදවිය,,,
දොල දෙණිවල සුව මග හැරලා,,,
පූදින මල් වී තාලෙට නැමුනා,,,
ගොවියන් එන මග ගරු කරලා,,,

වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,
ඔබ දුක් විඳිනා හැටි දැකලා,,,
ලෝකෙම කුසගිනි දැතින් නිවලා,,,
හිනහේ  ගොවියෝ සිත පුරලා,,,

1 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මඩ සෝදාගත් ගොවියා .... රජ කමටයි සුදුස්සා........