
සඳ ළියේ තනිවුනු යහනෙ මා හැඬූ දිනේ,,,
නුඹ තැනූ ඉමිහිරි සිහින බොඳ වුනා මෙසේ,,,
ගඟ දියේ ඔරුවේ තැනූ පෙම් විමානයේ,,,
රුවල ගිළිහී ගියා වාගේ මගේ ලොවේ,,,
ඔරුවේ ඈත පාවී,,රැඳුනේ මා නෙතු යාවී,,,
කඳුළේ සේදි සේදී රහසින් දෑසේ වෑහේ,,,
නැගුනා සෙනෙහේ බොළඳී ආල නියා,,,
බිඳුනා ගඟුළේ දිය වැල් පාලුම රෑ,,,
මැදුරේ පාලු යාමේ,,,සෙව්වේ මාවම දේවී,,,
හදෙහී යාවු ප්‍රේමේ ඔබගෙයි ආදර දේවී,,,
සෙනෙහේ බින්දේ කවුරුද දෑස වසා,,,
සැලුනා මෙලෙසින් කඳුළින් සුසුම් දොවා,,,
0 comments:
Post a Comment