සමාව අයදියි සමුගෙන යන්නට,,,
Sunday, September 18, 2011
at
9:23 PM
|
Posted by
ruwan kumara maddage
සිනාව ගෙනදී ජීවිත යහනට...
සක්මන් කළදා මා අත් බැඳගෙන...
සෙනේ විල් දියේ තෙමි තෙමි මගෙ වූ...
ඔබම අද ඇවිත් සමුගෙන යන්නට...
මගෙන් දුරස්වී වෙනතක යන්නට...
සෙනෙහස ගෙනදී මා සැනසූ ඔබ...
කඳුළින් බොඳ කර මා නෙතු ඉම සිට...
සමාව අයදියි සමුගෙන යන්නට...
හදවත කෙලෙසින් ඉවසන්නේ...
එනමුදු ඔබේ ලොව දුකක් නොවේවා කඳුළින්...
කඳුළක දියවෙන මතකය අතරේ...
නුඹ මා බදාන සෙනෙහස මුමුණා...
ලොවට බියෙන් සමුගන්නා මොහොතේ...
තුන් සිත ඉකිබිඳ හඩයි සොවින්...
එනමුදු ලොව දුකක් නොවේවා කඳුළින්...
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment