කෝ මට වසන්තයක්...

Sunday, August 28, 2011 |

නා තුරු පත් මත පිණි කඳුළක් තවරා,,,
වැටුනා රූරා ජීවිතයම නහවා,,,
පීදෙන නාමල් සුවඳට හිත යොමලා,,,
සීතල සිත දිව පැන්නා ඔබ සොයලා
කෝ මට වසන්තයක්,,කෝ මට වසන්තයක්...

වාවනු බැරි සිත යළි පාරන්නට වැටෙනා අසනි වැසී,,,
යාවුනෙ නැති සිතකින් සෙව් සෙනෙහස කඳුලින් දියව යතී,,,
කෝ මට වසන්තයක්...කෝ මට වසන්තයක්,,,

ගී හඬ පතුරා කොවුලන් නගනා මිහිරියි ගීත රසේ,,,
එනමුදු ඒ ගී කාටද ගයුවේ,,,මා සිත තාම නිදී,,,
කෝ මට වසන්තයක්...කෝ මට වසන්තයක්,,,

0 comments: