අභිනික්මන

Monday, August 15, 2011 |

බෝසත් උතුම් මෙලොව මිනිසත් ලෙසින්,,,
විඳි සුඛ විවරණ පසෙකලා,,,
අභිනික්ගමන් යන්න ආ මග ඉඳන් ,,,
කන්ථක අසුත් දුකින් මියැදුනා,,,

සඳකැන් ඇවිත් නේරන්ජන නදී ලඟට,,,
හඬමින් සිටින ඇයව සැනසුවා,,,
මැදුරේ තනිව හඬන කුමරී හෙලූ කඳුලු ,,,
රාහුල පුතුන්වත් නැහැවුනා,,,

අසිපත් මුවින් සිඳුනු කෙස් සිළ අරන් දෙවිඳු,,,
බෝසත් නමින් සාදු නද කළා,,,
සසරේ ගෙනා සියලු කෙලෙසුන් නසා දිනෙක ,,,
අදිටන් බෙලෙන් එතුමෝ බුදුවුනා,,,

1 comments:

Dayal Bathee said...

සීතා ගැන තරම් පතිවත් කතා
යසෝධරා වත ගැන නොමැතා
පුතුන් ද තමාද හිමියා ගිය මඟම ගියා
මහා ස්ත්‍රියකි මෙවැන්නන් අති දුලබා