ඔබත් ඉන්නේ යෞවනේ,,,

Sunday, November 27, 2011 |
සුමුදු වත සඳසේ දිලී,,,බලන විට හොරැහින් එබී,,,
නෙතේ මoගල තොරන් බැන්දා ඔබව හිමි වූවා වැනී,,,
සිහින කුමරී ලඟ දැනී

තිසර සුදු මුදු කඳු ඉමේ,,,පිපුණු මල් රොන් සුණු විලේ,,,
අතොර නෑරම සුවය විඳිනට මටත් සිතුනා යෞවනේ,,,
ඔබත් ඉන්නේ යෞවනේ,,,

නගන හසරැල් මුව කොනේ,,,සැලෙන කැල්මන් නෙතු ඉමේ,,,
නිතර පාරන රිදුම් දුන්නේ,,,අහිමිකම් ලඟ  ආදරේ,,,
හිමිද අහිමිද ආදරේ,,,

2 comments:

Pasan said...

මචං.. හැමදාම බ්ලොග් එක බලනවා.. ලස්සනයි කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න නැති නිසා කොමෙන්ට් කරන්නෑ..

උඹ අර දිනිති දීපිකා වගේ සිංදු ටිකක් හදපංකෝ.. නැත්තං පොතක් හරි හදපං..

මට නන් දැන් කවි සිංදු ලියවෙන්නෑ බං.. උඹ ලියන ගොඩක් ඒවා ලස්සනයි..

ජය වේවා කිව්වා !!!

ජංජාල චාමර said...

ආදරේ මල් පිපේ....