දෙවය සරදම් නොකළානම්,,,

Friday, November 25, 2011 |

ජීවන ගමනේ පැද යන ඔරුවට
අතර මගදි හමුවී,,,
සඳ දිය තෙරපෙන යාමේ ඔරුවට ,,,
නුඹත් ගොඩවුනා සොඳුරී ,,,,,,
දෙවය සරදම් නොකළානම්,,,
නුඹයි මගේ සොඳුරී,,,ජීවන මග  දෙවුලී,,,

කඳුලු බිඳු ඔබේ නෙතඟර දිලුනට,,,
සඳ වත සුසිනිඳු මුහුනේ,,,
සිනා පිරුනු හසරැල්ල මැකෙන්නට
දෙන්න එපා සුදු මුහුනේ,,,
ඉන්න දිලී තරු අරණේ,,,

වදුලු වන පෙතේ සුදු මල්  පිපුනට,,,
සුවඳ කළා මුලු ලෝකේ,,,
කවුළු පියන් හැර බලාන හිටියොත්,,,
නුඹේ ලඟයි සිත මාගේ,,,
සුවඳ මලයි ඔබ මාගේ,,,

0 comments: