කල්ප කාලයක් පෙරුම් පුරාගෙන බුදුවූ ඔබ යළි එන්නේ නැති

|

කුසිනාරාවට ඉහලින් අහසේ,,,සඳ තරු කැලඹී බලා හිදින්නේ,,,
දෙවිවරු බඹවරු කුසිනාරවට හැඩූ කඳුලු ගෙන වැඩ හිඳ ඉන්නේ,,,
ලොවම අමාදම් ගඟුලින් නැහැවූ නිදුකානෝ පිරිනිවන් ලබන්නේ,,,
අනේ අසරණයි ආයෙත් අපි දැන් නිදුකාණනේ යළි කවදද එන්නේ,,,

අමා දහම් කඳ අසූහාරදහසක් දෙසනාවිට අපිත් ඉන්න ඇති,,,
එදත් අද වගේ ඒ බණ අතුරින් එකම එකක්වත් ගනන් නොගෙන ඇති,,,
නිවනට යන්නට හිතාන උන්නට එක්කන් යනකන් බලාන ඉන්නැති,,,
නිදුකානෝ පිරිනිවන් ලබනතුරු අපි ගානක්වත් නැතිව ඉන්න අති,,,

කල්ප කාලයක් පෙරුම් පුරාගෙන බුදුවූ ඔබ යළි එන්නේ නැති,,,
ගරහන මිනිසුන් හිටියත් ලෝකේ කවදාවත් අපි ගරහන්නේ නැති,,,
ඒ දහමන් සිහිකර හැකි පමනින් තාමත් මේ සන්සාරේ යන අපි,,,
බලාඉන්නවා නිවන් ලබන්නට මෙතේ බුදුන්වත් ලෝකෙට එනතුරු ,,,

1 comments:

බිඟූ said...

නිදුකානෝ පිරිනිවන් ලබනතුරු අපි ගානක්වත් නැතිව ඉන්න අති,,,

mekanam mehemama wenna ati...
nice one