සමාකළ මැන පවක්වීනම් සමිදුනේ...

|

නවම් සඳ මොදුවී එන්නා රාත්‍රියේ...
නෙලුම් මල්ගෙන නැවුම් සඳකුත් පින්බිමේ...
දෙව්ලියක් බඳු ඇගේ සිත්මල්කූඩයේ...
බුදුන් පුදනා පැතුම් පින්බර බව හැඟේ...
දෙනෝ දාහක් දෙනා එන මේ පින්බිමේ...
ඔබතුලින් ඇයි මලෙක අසිරිය මතුකලේ...
පාට පාටින් සැරසිලා පුද බිම වටේ...
කවුරු උන්නත් සුදුනෙලුම ඔබ බව හැඟේ...
සිනා සඳකන් බිඳක්වත් නොවුනත් මුවේ...
නෙලාගත් මල් පුදන පින් සිත හරි අගේ...
සමාකළ මැන පවක්වීනම් සමිදුනේ...
පින්සිතක් ලඟ මගේ පව්සිත නැවතුනේ...

0 comments: