අවි අරන් රණ මතින් දිව්වෙ නිවනට නොවෙයි...

Sunday, March 14, 2010 |

සෙනෙහසින් හැඬු තරම් නොදැනුනා නම් නොවෙයි...
රත්තරන් නුබව මට මතක නැතුවා නොවෙයි...
අවි අරන් රණ මතින් දිව්වෙ නිවනට නොවෙයි...
වෙඩි හඬක් ඇසුනුවිට සිතුනෙ නුබ ගැන තමයි...

පොඩි එවුන් දකින විට සිහිවුනේ නුබෙ කුසයි...
මා නමින් නුබෙ කුසේ වැඩෙන දරුපැටියවයි...
ගිනිගහන තල් අරණෙ දිවිය සැක සහිතමයි...
එත් මන් ඉක්මනින් නුබ ලඟට එනවමයි...

නොසිතෙනා මොහොතකදි වෙඩිල්ලක් වැදුනොතින්...
ඉකිගසා හඬන්නට එපා පුතු දැනගනියි...
රට දිනන දිනය දෑන් වැඩි ඈතකම නෙවෙයි...
සුදුමැණික නුබේ කුස සිඹින්නට එනවමයි...

1 comments:

Amila Chathuranga said...

tama mataka thiyana 1 loku deyak,,,,eth lokka thama hire neda?????