
හිත හදාගන්න එක දවසක් එන්න මා සොයා,,,
මට කියාදෙන්න ඔබ මාහැර ගියේ ඇයි කියා,,,
හඬ හඬා කියන දුක් ගැනවිළි නොඇසුනත් මෙදා,,,
හඬ හඬා ආව හැටි මතකද මුල්දිනේ ඔයා,,,
රැළි නැගී බිඳෙන නුවර වැවේ වැව් බැම්ම පුරා,,,
දුක කියා සෙවූ සෙනෙහස ඔබ මගේ ලැම පුරා,,,
සුදු අතින් ඔබේ අල්ලාගෙන මල් උයන් පුරා,,,
අනාගතය ගැන මැව්වත් සිහින බොඳවෙලා,,,
රන් පටින් දිලෙන දළදා මාළිගාවෙදි එදා,,,
ඔබ දිවුරලා පිදූ සෙනෙහස මුසාවක් වෙලා,,,
මා හැර දමාගොසින් දැන් රන් කූඩුවක් තනා,,,
ඉන්නවාට නොව දුක මට අහිමුවූ නිසා,,,
0 comments:
Post a Comment