
ඔබ දුරුරටකට ගියදා අම්මේ,,,
මගෙ හිත නොනිදා හැඬුවා,,,
හැරදා ඔබගේ දියනිය මෙලෙසින්,,,
සිව්වසරක් දැන් ගෙව්නා,,,
දැනිලා අම්මේ පියාට මන් දැන් ,,,
ලොකු ලමයෙක් වී කියලා,,,
හැඬුවේ දිනයක දෙනෙත තද කරන්,,,
අසරන දූ ගැන දුක හිතිලා,,,
ඉසුරු නැතත් අම්මේ ඔබ මාහට,,,
සිටියානම් අද දහස්වටී,,,
මා හිතුවට ඔබ ලගදී එයි එයි,,,
දැන්නම් එය සිහිනයක් වැනී,,,
අම්මා ගැන මුලු ගමම අසන විට,,,
දීමට පිලිතුරු නෑ අම්මේ,,,
පින් නැතිනම් මට ඔබව ද්කින්නට,,,
ඒ වග දන්වනු මැන අම්මේ
1 comments:
සංවේදී නිර්මාණයක් සොයුර. දිගටම ලියන්න.
Post a Comment