
හිතෙන හිතෙන වෙලවෙ නුබ දුක්ම දෙද්දි මට...
හිතුනෙ නැද්ද මගේ සිතේ ඉන්නෙම නුබ වග...
කඩා වැටෙන කඳුලු අතරෙ නුබ ගැන මේ හිත...
සාප නොදෙන හැටි පුදුමයි දුක් දෙන තරමට...
නුබ හෙලු එක් නෙතු කැල්මට වසීවෙලා මම...
නුබෙන් දයාවක් විතරයි සෙව්වේ නිතරම...
හිත නුබ අරගෙන පිරිමැදි සොඳුරු රටාවට...
හිතුනෙම නෑ මේවිදිහට හද සූරන වග...
පෙම්කල මගෙ සෙනේ සිතත් නුබ අරගෙන අද...
කොනිතිගහන හැටි පුදුමයි මාගෙ හදවත...
හිත් පිත් අහිමිව ගිය මන් නුබේ සිතත් හෙට...
කොයිවිදිහෙන් රිදවාවිද දන්නේ නෑ මම
0 comments:
Post a Comment