පින්බර කුමරිය රැජිනිය වී
at
6:32 PM
|
Posted by
ruwan kumara maddage
පින්බර කුමරිය රැජිනිය වී අද මoගල මොහොතට දෙනෙත් අයා,,,
පෙම්බර කුමරෙකු අතිනත අරගෙන මoගල පෝරුව මතට වෙලා,,,
සෙනෙහස් විජිතයෙ කිරුලු දරන්නට පිටවී යන්නට නැකත බලා,,,
සිරිත් කරන්නට මොහොත පැමිණිලා මව්පිය දෙදෙනා හිඳී බලා,,,
නකුළ බමුණු කුළයේ පෙර සිරිතට කිරිකඩ රෙද්දක් දෑතෙ හොවා,,,
පෙවුකිරි සිහිකර අම්ම අතට දෙයි හඬ හඬ දෙදනින් පහත් වෙලා,,,
දෝනි හඬයි දුකසේ,,,මෑණි හඬයි බොහොසේ,,,
කඳුලු නොපෙන්වා පසෙකින් උන්නත් පියා හඬයි රහසේ,,,
දෙනෙත වගේ රැකුනේ මවුපිය ළඟ සුන්දර යුවතිය මෙතෙක් වෙලා,,,
කුමරෙකු අද දින ඈ කැන්දන් යයි අලුත් කැදැල්ලක කිරුලු දරා,,,
සමුගෙන යන මොහොතේ,,,මෑණිව සිරිත් කළේ,,,
දමායන්න හිත හදාගන්න බෑ මවුගෙන් ලද සෙනෙහේ,,,
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ම0ගල කියලා ලියන්කොට 0 දාන්න එපා.
කොහොම වුනත් ලස්ස්න පැදි පෙල
/බිඟුවා...!
Post a Comment