
උනුසුමක් ඇත්නම්...නිරන්තර හදවතින් ගැහෙනා...
සෙනෙහසක් ඇත්නම් නිරන්තර හදවතට දැනෙනා...
ඇසේනම් ගීයක් හදවත් නලවමින් සැමදා...
ගැයෙන්නේ මව් සෙනෙහසයි මේ ගීතයෙන් සැමදා...
ලොවම රන්ගන බූමියක් මේ මිනිස් කැළ රඟනා...
මව්නි සෙනෙහස ඔබේනම් බෑ රඟන්නට කිසිදා...
ලොවක් වනසන මිනිස්සුන් ලග මවක් නෑ හිඳලා...
මවක් උන්නත් ඔවුන් හට මව් සෙනේ නෑ ලැබිලා...
බුදුන් පහලවු ලෝකයේ බුදු පියණන් නැතිදා...
දයා කරුනා ගුණෙන් අප දෙස බැලූ අපෙ අම්මා...
නිවන් යන්නට පාර පෙන්නුවෙ නැතත් අපෙ අම්මා...
දුන්නු මව් සෙනෙහසම ඇති ඔබ බුදු වෙන්න අම්මා...
5 comments:
හරිම ලස්සනයි..හරිම ලස්සනයි...
අම්මා නෙද...? ඇබිත්තක් කියලා තියනවා... හරිම ලස්සනයි...
හරිම ලස්සනයි
හරිම ලස්සනයි
අගනා පද පෙළක් ස්තුතියි ඔබට
අලංකාර කවි පංතියක් මට අපේ අම්මව මතක් වුනා. ස්තුතියි ඔබට
Post a Comment