
මහකණදරා වැව සිඳිලා යන දාට...
ඉරි තැලුනේ අප්පච්චිගෙ හිත් යාය...
බෝසත් ගුණෙන් පිරි ඔහු ඉවසන අතර...
වැහි දිය පොදක් පතනව අම්මත් සොවින...
දාහක් කුඹුරු වියැලෙනකොට නියගයට...
නැමුණු ගොයමේ කිරි සිඳුනේ අපෙ පවට...
අස්වැද්දුවත් හැම කන්නෙම පුරුද්දට...
ණය බර ඉතිරිවුනි හැමදාමත් අපට...
කටු මටි ගෙපැළෙ අග හිග පුරුදුයි අපට...
අම්මත් දුකින් මට ඇති හිගකම්වලට...
වී බිස්සට ආවොත් තුන්පත් රෑණ...
කන්නට තියෙන කොටහත් නැතිවෙයි අපට...
2 comments:
අපුරුයි යහලුවා... හරිම අපුරුයි... කොහෙද හිටියෙ මෙච්චර කල්... ජනවාරි වල ඉදන් ඉදලා නෙද ...... මට අදනෙ මුණ ගැසුනෙ... සතුටක් ඔයාව මුණ ගැසිම..
oww man hitiyaa...hoda hamuweemak..man south korea inne..ithin tikak busy...ekai liyanna welawak natthe
Post a Comment