
අඩවන්කොට නෙතු යුග,,,
නොබලන්න කිසිවක් දෙස,,,
විදා නෙතු පියන් බලන්න,,,
ලෝකයම දෙස,,,
නොසිතා අහස දෙස,,,
බලන්න අහස දෙස,,,
සැන්දෑ හිරු අහස පාට කරනු ඇත,,,
වලා පෙලක් යළි,,,
ඒ අහස කලුවර කරනු ඇත,,,
නොසිතන්න මලක් ගැන,,,
බලන්න මලක් දෙස,,,
පෙතිවල හැඩය මෙන්ම,,,
කටුවල තියුනු බවද පෙනෙනු ඇත,,,
නොසිතන්න ජීවිතය ගැන,,,
බලන්න ජීවිතය දෙස,,,
දෙතොලෙහි සිනා නැගෙන හටි,,,
යළි දෙනෙතෙහි කඳුලු පිරෙන හැටි ,,,
ඒ සිනා කඳුලු අතරේ ,,,
ජීවිතය ගැහෙන හැටි,,,
පෙනෙනවාද,,,
2 comments:
සිනා කඳුලු අතරෙ ජිවිතය දොලනය වන අයුරු නම් අපුරුයි... ඔයා එක ලස්සනට ලියලා... කවියක් කරලා... ලස්සනයි....
thanks rawaa,,,hithata dena diriyata....atthamai...
Post a Comment