කල්ප කාලයක් පෙරුම් පුරාගෙන බුදුවූ ඔබ යළි එන්නේ නැති
කුසිනාරාවට ඉහලින් අහසේ,,,සඳ තරු කැලඹී බලා හිදින්නේ,,,
දෙවිවරු බඹවරු කුසිනාරවට හැඩූ කඳුලු ගෙන වැඩ හිඳ ඉන්නේ,,,
ලොවම අමාදම් ගඟුලින් නැහැවූ නිදුකානෝ පිරිනිවන් ලබන්නේ,,,
අනේ අසරණයි ආයෙත් අපි දැන් නිදුකාණනේ යළි කවදද එන්නේ,,,
අමා දහම් කඳ අසූහාරදහසක් දෙසනාවිට අපිත් ඉන්න ඇති,,,
එදත් අද වගේ ඒ බණ අතුරින් එකම එකක්වත් ගනන් නොගෙන ඇති,,,
නිවනට යන්නට හිතාන උන්නට එක්කන් යනකන් බලාන ඉන්නැති,,,
නිදුකානෝ පිරිනිවන් ලබනතුරු අපි ගානක්වත් නැතිව ඉන්න අති,,,
කල්ප කාලයක් පෙරුම් පුරාගෙන බුදුවූ ඔබ යළි එන්නේ නැති,,,
ගරහන මිනිසුන් හිටියත් ලෝකේ කවදාවත් අපි ගරහන්නේ නැති,,,
ඒ දහමන් සිහිකර හැකි පමනින් තාමත් මේ සන්සාරේ යන අපි,,,
බලාඉන්නවා නිවන් ලබන්නට මෙතේ බුදුන්වත් ලෝකෙට එනතුරු ,,,
සඳ කුමරි පිo දෙමි මo
සඳ නොමති කලුවරම කාලෙක,,,
තනිව උන්නෙමි හදවතින්,,,
සඳ සිසිල දෝතින්ම ගෙනදුන්,,,
සඳ කුමරි පිo දෙමි මo,,,
හිඳින විටදී ලඟට වී ඔබ,,,
දැනේ ලොව හිමි වූ ලෙසින්,,,
අනේ ඔබ හිමි වූ මොහොතෙ මට ,,
දැනුනි සක්විති රජ වරම්,,,
ඉදින් බවයේ සදා මත්තෙම,,,
මගෙම වූ මිනි පහන දැන්,,,
සිටිනු මැණ මගෙ කඳුලු අරණේ,,,
නුබෙන් සැනසෙමි මගෙ සිතුම්,,,
කාසි නිසා ඉස්සෙනකොට ඔබේ සොඳුරු ජීවිතේ
කාසි පනම් නැතුව උනත් ඔබට දුන්නු ආදරේ,,,
මහා මෙරක් සේකීවේ ඔබයි මගේ ආදරේ,,,
කාසි නිසා ඉස්සෙනකොට ඔබේ සොඳුරු ජීවිතේ,,,
දූවිල්ලක් තරමට ඔබ පෑගුවෙ මගෙ ආදරේ,,,
කියාදෙන්න ඔබයි ආවෙ දුකින් පිරිනු ආදරේ,,,
ඔබයි දුන්නෙ ලඟට ඇවිත් සිඹ සිඹ ඒ ආදරේ,,,
දහස් වරක් පෙරුම් පුරා පැතූ සොඳුරු ජීවිතේ,,,
කෑලි වලට බිඳලා අද ඔබ පිටුපෑවේ කෙසේ,,,
නිලය බලය වැඩිවෙනකොට මගෙන් මිදුනු ජීවිතේ,,,
අලුත් කෙනෙක් ලන්කරගෙන ඔබ විඳිනා ආදරේ,,,
දුරින් ඉඳන් බලා ඉද්දි හිත පිච්චෙනකොට ප්‍රියේ,,,
දරාගන්න බැරිවුනාට වයිර හිහක්නෑ ප්‍රියේ,,
මගේ කඳුලුගැන හිතන්නෙපා
සමුගෙන යන්නම ඔනෑනම්,,,
සමුගෙන යන්න ඉතින් මාගෙන්,,,
මගේ කඳුලුගැන හිතන්නෙපා,,,
යන්න ඉතින් ඔබ එක හිතකින්,,,
මා පෙම්කලෙ මගෙ එකම හිතින්,,,
ඔබ සිටියේ ඔහු ලඟනෙ සිතින්,,,
මා ලග නැති සැනසුම ඔහුගෙන්,,,
ලැබෙනවනම් ඔබ යන්න හිතින්,,,
මා ලග ඔබ දුන් ආදරයෙන්,,,
ඉතිරිව ඇති මේ කඳුලු වලින්,,,
නපුරුකමක් නෑ ඔබට මගෙන්,,,
දුක් සේදී යයි කෙටිකලෙකින්,,,
මා ඔබහට දොස් නගයි කියා,,,
හිතන්නෙපා ඔබ තුන් හිතකින්,,,
කොහේ කොතැන ඔබ ගියත් තුටින්,,,
මගේ ලොකය ඔබ තමයි හිතින්,,,
සුදුවෙරළ පාලුවෙලා,,,
සුදුවෙරළ පාලුවෙලා,,,නුබ නොමැති රාත්‍රියේ,,,
මගෙන් නුබ දුරස්වෙලා ,,,සයුරු ඉමේ සැඟවුනේ,,,
අපෙ මතක දෝරගලා,,,දුක කියන රාත්‍රියේ,,,
මම හඬමි දෙනෙත් වසා නුබ මිලින රත්‍රියේ,,,
සයුරු රළ දිව ඇවිත්,,,වෙරළ හා ලoවෙලා,,,
දුක කියා ගියත් මෙසේ,,,වෙරළෙ මා තනිවෙලා,,,
නුබ එන්නෙ කවදදෝ ඒ ලෙසින් මා සොයා,,,
සයුර ගෙනගියත් සයුරී මා ඔබේ ලඟයි සදා,,,
හිරු මිළින සැන්දෑවේ,,,සයුර ළඟ තනිවෙලා,,,
මුමුනා කියූ පෙම් වදන් අද මතකයක් වෙලා,,,
සඳ නොමැති පාලු අහසේ පුoචි තරුවක් වෙලා,,,
නෙතු අයන් බලා හිඳිමී,,,මගේ සඳ වඩියි කියා,,,
පින්බර කුමරිය රැජිනිය වී
පින්බර කුමරිය රැජිනිය වී අද මoගල මොහොතට දෙනෙත් අයා,,,
පෙම්බර කුමරෙකු අතිනත අරගෙන මoගල පෝරුව මතට වෙලා,,,
සෙනෙහස් විජිතයෙ කිරුලු දරන්නට පිටවී යන්නට නැකත බලා,,,
සිරිත් කරන්නට මොහොත පැමිණිලා මව්පිය දෙදෙනා හිඳී බලා,,,
නකුළ බමුණු කුළයේ පෙර සිරිතට කිරිකඩ රෙද්දක් දෑතෙ හොවා,,,
පෙවුකිරි සිහිකර අම්ම අතට දෙයි හඬ හඬ දෙදනින් පහත් වෙලා,,,
දෝනි හඬයි දුකසේ,,,මෑණි හඬයි බොහොසේ,,,
කඳුලු නොපෙන්වා පසෙකින් උන්නත් පියා හඬයි රහසේ,,,
දෙනෙත වගේ රැකුනේ මවුපිය ළඟ සුන්දර යුවතිය මෙතෙක් වෙලා,,,
කුමරෙකු අද දින ඈ කැන්දන් යයි අලුත් කැදැල්ලක කිරුලු දරා,,,
සමුගෙන යන මොහොතේ,,,මෑණිව සිරිත් කළේ,,,
දමායන්න හිත හදාගන්න බෑ මවුගෙන් ලද සෙනෙහේ,,,
අපට පෙම තහනම්නේ
ඉර ගතු කිව්වාට,,,සඳ ගතු කිව්වුවට,,,
ලොවටම රහසින් පෙම් පිරුවේ,,,
පිනිකට වැටිලා මල්පෙති තෙමුනට,,,
රොන්සුනු පමණයි මා සෙව්වේ,,,
මා නුබේ කිව්වා,,,නුබ මගෙ කිව්වා,,,
එත් අපට පෙම තහනම්නේ,,,
තහනම්නේ පෙම තහනම්නේ,,,
සමනළ තටු මත වැහිබිඳු වැටුනා,,,
කොහොමද පියඹන්නේ,,,
නටුවෙන් ගැලවී මල්පෙති වැටුනා,,
කොහොමද පිබිදෙන්නේ,,,
හිමි නැති කෙනෙකුට පෙම්කල වරදට ,,,
අද මා විඳවන්නේ,,,කඳුලුයි ලග ඉන්නේ,,,
පාරමි පිරුවා,,,හීන ඇහින්දා,,,
කවුරුද එය දන්නේ,,,
මල්පෙති හිත ලඟ මාලිග හැදුවා,,,
සමාවෙන්න මණිකේ,,,
හිමිනැතිබැව් මා දැන දැන පෙම්කළ ,,,
වරදින් විඳවන්නේ,,කඳුලුයි ලඟ ඉන්නේ,,,
ආදරේ නාමයෙන් මාදුන් බොහෝ දෑ හන්ගා
නෙතු පියන් හැර බලා උන්නා ඔබ එතැයි කියලා,,,
නෙතු කෙවෙනි අග කඳුලු පිරුනා නේන වග දැනිලා,,,
කඳුලු වැසිදිය කඩාහැලුනා සිත් අහස රිදිලා,,,
ආදරේනම් ගියේ කොහොමද මාව මගහැරලා,,,
සිතුම් පොදි බැඳ ආවමුත් මා ඔබේ ලඟරැඳිලා,,,
ගෙනා පැතුමන් මෙසේ මාලග බිඳී විසිරීලා,,,
තවත් කෙනෙකුගෙ පැතුම් බීජය ලෙසින් ලන්වීලා,,,
එපා සිඳ බිඳලන්න ඇයගෙත් පැතුම් මල් ආශා,,,
සිනා අතුරින්කඳුලු හන්ගා ලගින් මා උන්දා,,,
ආදරේ නාමයෙන් මාදුන් බොහෝ දෑ හන්ගා,,,
ගියේ කොහොමද මගෙන් සමුගෙන හිතාගන්නටබෑ...
හිතින් මැරි මැරි ඉතින් ඉන්නම් ඔබ ගැනම සිතලා,,,
මට කියාදෙන්න ඔබ මාහැර ගියේ ඇයි කියා
හිත හදාගන්න එක දවසක් එන්න මා සොයා,,,
මට කියාදෙන්න ඔබ මාහැර ගියේ ඇයි කියා,,,
හඬ හඬා කියන දුක් ගැනවිළි නොඇසුනත් මෙදා,,,
හඬ හඬා ආව හැටි මතකද මුල්දිනේ ඔයා,,,
රැළි නැගී බිඳෙන නුවර වැවේ වැව් බැම්ම පුරා,,,
දුක කියා සෙවූ සෙනෙහස ඔබ මගේ ලැම පුරා,,,
සුදු අතින් ඔබේ අල්ලාගෙන මල් උයන් පුරා,,,
අනාගතය ගැන මැව්වත් සිහින බොඳවෙලා,,,
රන් පටින් දිලෙන දළදා මාළිගාවෙදි එදා,,,
ඔබ දිවුරලා පිදූ සෙනෙහස මුසාවක් වෙලා,,,
මා හැර දමාගොසින් දැන් රන් කූඩුවක් තනා,,,
ඉන්නවාට නොව දුක මට අහිමුවූ නිසා,,,
ලොවට රහසේ හෙලූ කඳුලුම ගොඩක්
ඇයි නොකීවේ ආදරේ කළ වගක්...
හීන හතක්වී උන්නේ මාලග ඔබත්,,,
ලොවට රහසේ හෙලූ කඳුලුම ගොඩක්...
ගලා වැටුනා ඔබට නොදැනී වුනත්...
සඳක් වී ඔබේ අන්සතුම අහසෙහී...
පිපුනි දොරකඩ සිත් මලයි පරවුනේ...
හිනැහුනත් ඉර හැමදාම උදයේ...
හැඬෙයි රහසින් දකින රුව ඔබගේ...
පැතුම් පුරමින් ඉන්නවිට සසරේ..
වෙන්ව යන්නැති එදත් මේ ලෙසිනේ...
සඳේ රැස් තුන් සිතෙහි දියවූයේ...
ඔබට මගෙ පෙම ලියා එවු දවසේ....
Subscribe to:
Posts (Atom)