වෙන්කරන්නට හැකිද දිවයින

|

සැහැසිකම් කළ මිනිසුනේ ඇයි,,,
නොසිතුවේ හදවත් වලින්,,,
කෙලෙස අරමුනු ජය ලබන්නද,,,
අවි ඇමේරූ යුද්දයෙන්,,,
නැගෙනහිර හා උතුර වෙන්කර,,,
ඊළමක් පැතුවත් සිතින්,,,
කියන් කෙලෙසින් වෙන්කරන්නද,,,
එකම දිවයින දෙකඩකින්,,,

ජාති කුළ මළ පසෙකලා සැම,,
එකට ජීවත්වුනු බිමේ,,,
ඇයිද ගැටුමක් එකම ලක්බිම,,,
දෙකඩ කරනට මිනිසුනේ,,,
සිරිපියුම් දැක ගලා බසිනා,,,
මහා නදියේ දියකඳින්,,,
වෙන්කරන්නට හැකිද දිවයින,,,
මනන්පිටියේ පාලමින්,,,

තරුණ දැයෙහී හදට වෙඩිකොට,,,
බාලසින්ඝම් මියගිහින්,,,
ගෙන යන්න හැකිවුනිද දිවයින,,,
බිමේ කොටසක්වත් අරන්,,,
දකුනු ලක හිඳ ආවමුත් ,,,
රණබිමක සෙබලුන් ලය දෙමින්,,,
කළේ මිනිසුනි නාමෙ රැකගැන්මටයි ,,,
එකසත් වූ කමින්...

3 comments:

දුකා said...

අතීතයේ වැරදි යලි යලිත් නොකරමින් . . යලිත් කරන්න තැත් කරන්නවුන්ට පහර ගසමින් . . . සිටියොතින් කොයි තරම් නම් සුන්දර දිවයිනක් බවට මේක පත්කර ගත හැකි වේද?

රවා said...

නායකයින් ගෙ අමනකම් නිසා නොමග ගිය තරුණයින් පිරිසක් නිසා උඩු දුවපු ත්‍රස්තවාදය..බොහො දුරට නිමා වි ඇත. නමුත් නායකයි අමතක කරන වැදගත් දෙයකි.. ඉතිහාසය නැවත නැවත සිදුවන බව..

මමගෙත් අයියා කෙනෙක් නැතිවුනා 1998 පරන්තන් වලදි .. ගමෙ අයියා කෙනෙක් නැති වුනා 1996 මුලතිව් වලදි... මෙ නිසා හැමොට නැති වෙලා මිසක් ඇති වුන දෙයක් නැහැ..

මිනිස්සුන්ගෙ හදවත් වල දුර්වල තැන් තියන තාක්කල් මෙ සටන තියෙයි.. බිම් අඟලට, එකිනෙකා පරයා යැමට, බලවත් ම ජාතිය ලෙස පෙන්විමට.. මෙ ආකාරයෙන් පුහු ගර්වය නිසා හැමදාම මෙ දෙවල් සිද්ද වෙවි..

ruwan kumara maddage said...

හුගක් ස්තූති රවා,,,දුකා,,ඔයලට...හම මොහොතකම මගෙ නිර්මානයක් බලන්න එන ඔයාලට හුගක් පින්,,,.මගෙත් හොදම යාලුව නතිවුනෙ රිවිරස මෙහෙයුමීදි,,ඉතින් ඔයගෙ අය්යෙක් මුලතිව් වලදි නතිවුනා කියපෞවාම මට දනෙනව ඔයල වගෙම ඔයගෙ අම්ම තත්තට අයෙ කවදාවත් අවුරුඩ්ඩ්කට උනත් ලොකු සතුටක් විඩින්න බරිබව,,මේ රටෙ කොඉතරම් පවුල්වල අපෙ කොල්ලො රනවිරුවූ එයාලගෙ ජීවිතෙන් සමුඅරගත්තද,,හැම්දේම රටෙ නයකඉන්ගෙ ඉස්සර වුනු අත්වරදීම්වල ප්‍රතිපල..තන්ක්ස් ඔයලට