
ගනදුරූ අහසෙ හඳ නැතිවට,,,
පසලොස්වක සඳ ඔබමයි මට අම්මේ,,,
තරුවක සිසිලස හිතට නොදැනුනත්,,,
මට ඇති ඔබගේ මව් සෙනෙහේ අම්මේ,,,
ඔබට සෙනෙහෙ දුන් සෙනේ අරන් ගියදා,,,
පිය සෙනෙහේ අඩුවක් නොදැනුවෙ අම්මා,,,
අනන්ත බාධක දුක් ගින්නක් රන්දා,,,
කොහොමද ඉන්නේ ලැම පිරි දුක හන්ගා,,,
නොකා නොබී හරි අපගේ කුස පුරවා,,,
හිතින් පිච්චෙමින් මුවින් සිනාසීලා,,,
කඳුලු බාරගෙන මන් වෙනුවෙන් උහුලා,,,
පෙරුම් පුරන්නේ බුදුවන්නද අම්මා,,,
2 comments:
සුපිරියි............
thanks dear hasitha
Post a Comment