සුලන් අතරෙ නුබ ආවත් මාර හැඩයි ලඳේ

Friday, April 23, 2010 |

වළා තිරෙන් සඳ රැජිණිය සිනා පුරන ලෙසේ,,,
රූප තිරෙන් නිළි රැජිණිය සිනා පුරන රඟේ,,,
සරා සඳට පෙම්බැන්දත් ඊට හොරෙන් නුබේ,,,
සිනා වතට පෙම් බැන්දේ අපිත් හොරෙන් වගේ,,,

කැළැල් පිරිනු සඳ එනවට වැඩියෙ හඩැයි වගේ,,,
කැළැල් නැතිව නුබ එනවිට ලැසි ගමනින් ලඳේ,,,
බලා ඉදලා සඳ යනවට වඩා හොදයි වගේ,,,
කතා කරලා සිනාවෙවී නුබ යන එන රඟේ,,,

වළා සේල ගත දවටා සඳ එනවිට රැයේ,,,
නුබත් ගවුම් පොඩි ඇදගෙන සිනා පුරන රඟේ,,,
වළා සේල සුළගෙ ගිහින් සඳ එනවා වගේ,,,
සුලන් අතරෙ නුබ ආවත් මාර හැඩයි ලඳේ,,,

0 comments: