අතුරේ යනෙන අතරේ මේ මගේ සිත

|

අතුරේ යනෙන අතරේ මේ මගේ සිත,,,
දැවෙනා තරම දැනුනොත් ඔබ හටයි දුක,,,
ජීවත් කරනු වෙනුවෙන් ඔබ මාව අද,,,
අහසේ බැඳුන් ලනුවක දිවි ගෙවයි ඔබ,,,

දුක් දාහක් තිබුනත් අද මගේ ලොවේ,,,
නුබ වෙහෙසෙන්නෙ මන් වෙනුවෙන් දනී සඳේ,,,
කන්නට ගන්න බත් පිඩ මුවගටත් මගේ,,,
දැනුනේ නෑ හිමියනි නුබ මතක්වුනේ,,,

මන් ආවත් ගෙදරින් පැන හොර රහසේ,,,
අම්මා හඬන තරමට අද මමත් මෙසේ,,,
රහසේ කඳුලු ගිනි උහුලමි නිරන්තරේ,,,
අම්මේ නුබට දුන් ගින්නයි වදින්නෙ මේ,,,

0 comments: