අහිමි වුනත් මට මේ තුන් ලෝකෙම

|

යුග යුග ගණනක සෙනෙහස කැටිකර,,,
එකම ආත්මෙට ඒ පෙම එක්කර,,,
මා හදවත අතගෑ මගෙ සඳවත,,,
නුබට රත්තරන් ආදරේනෙ මම,,,

ඔබ නැතිවිට මට පෙනෙනා මානෙක,,,
දැවී දැවෙනවා මොහොතින් මේ හිත,,,,
මා නිදිකරවන සුවබර හීනය,,,
ඔබයි ආදරී සැමදා මගෙ පණ,,,

මහමෙර තරමට දුක් විඳි මේ හිත,,,
සනසාගන්නේ ඔබවම සිහිකර,,,,
අහිමි වුනත් මට මේ තුන් ලෝකෙම,,,
ඇතැයි සිතෙනවා ඔබවත් මාහට,,,

2 comments:

Anonymous said...

ගොඩාක් ලස්සනයි.කියන්න වචන නැ.

දරුවගෙ අම්ම.

Unknown said...

කවි වලට වැඩිය සිංදු පැත්තට බරයි වගේ ..

*word verification අයින් කරමුද ???