සසර කෙළවර සොයායනමුත්

|

සරා සඳ ඇති රැයේ යන්නේ,,,කළකිරුනු ගිහිගෙයින්,,,
එපාවී නොව ඔබේ මුදුගුණ සැන සුනා මුලු හදින්,,,
පුතුව තුරුලේ හොවාගෙන ඔබ නිදන යාමය බලන්,,,
සසර කෙළවර සොයායනමුත් කඳුලු ඇත ඔබ නමින්,,,

පුරා දස වසරකට පෙරදී ස්වයන්වරයේ ඉඳන්,,,
මගෙ විකුම් දැක මා හටම දුන් එකම රස වදනෙකින්,,,
ලඟට ගත්තත් සිළෝ සක්මැද මහා මoගල්ලෙකින්,,,
අහිතකින් නොව යන්නෙ වෙන්වී ඔබට හිතවත් සිතින්,,,

පුතු උපන් ඒ විඩාවෙන් ඔබ නිදන රෑ ඇස් පියන්,,,
සමාකළමැණ ඇහැරවන්නට නොම සිතේ මගේ හිතින්,,,
යන්න යනමුත් එතෙර කරනට සැවොම සoසාරයෙන්,,,
අදත් යන්නේ ඔබට ලෙoගතු එදා උන් සෙනෙහසින්,,

0 comments: