ඇවිද යමි ඈතටම සුදු නුබේ අත අරන්

Tuesday, April 27, 2010 |

සීතලට පිනි වැටුන මල් සිහින පුබුදුවන්,,,
රන්පාට මාලතී මල් සුවඳ කැටිකරන්,,,
මගෙ සිතේ සෙනෙහසත් ඔය හදට යාකරන්,,,
කවදාද මම යන්නේ සුදු නුබව එක්කරන්,,,

පෙර වාගෙ හැමදාම කිරි සිනා මතුකරන්,,,
දුර නොයා හැමදාම නුබ මගේ ළඟ හිදින්,,,
පෙම් හීන මාලයක මල් ගොතා අමුනමින්,,,
පලන්දමි කෙදින හෝ සුදු ගෙලේ රත්තරන්,,,

රන් සිහින මල් විමානෙ පාරමී කැටිකරන්,,,
ඇවිද යමි ඈතටම සුදු නුබේ අත අරන්,,,
සoසාරෙ හුරු විළස නුබ මගෙමැයි සිතන්,,,
නිදිවරා බලහිඳිමි තනිකමක් විඳ දරන්,,,

0 comments: