
දකින දකින රූ අතරේ නුබෙ රුවමයි නිතරම පෙනුනේ,,,
ඇසෙන ඇසෙන හඬ අතරේ නුබෙ හඬමයි දෙසවන් තෙමුවේ,,,
මුවෙහි රැඳුනු පවනැල්ලේ නුබෙ සුවදයි නිතරම දැනුනේ,,,
නින්ද නේන රෑ යාමේ නුබ ගැනමයි මතකය මැවුනේ,,,
සොලොස් මසක් නුබ මත්තෙම සෙනෙහස පාමින් උන්නාට,,,
වෙනතක හිත නැති ගානට නුබ ඔය මුනිවත රැක්කාට,,,
දිනෙන් දිනම ඔබ ගැන මා සිත් යායේ මල් පිපුනාට,,,
වෙන මලකින් රොන් ගන්නා බව දැනුනේ නොපැතූ දිනෙක,,,
ගතින් ඉන්න නැත්ත් ලගින්,,,හිත මගෙ තිබුනේ ඔබ ගාව,,,
සිතින් ගියේ නැත්ත් මගේ පැතු පැතුමන් ගියෙ බිඳිලාම,,,
හදාගන්න හැකිමුත් හිත වෙනකෙනෙකුට ඔබ හිමිවීම,,,
යලිත් ගන්න බැරිවේ මට,,,ඔබ වෙනුවෙන් පැතු පෙම් සිහින,,,
2 comments:
ලස්සනයි රුවන් අයිය.. හැබැයි මට දැනෙනවා කලි දාපු එකක් වගෙ .. ඔක්කොම කවි එකම තාලෙට යන හින්දා හොයන් අමාරුයි.. කොහොම උනත් දිගටම ලියන්න...
සිංහල බ්ලොග් කියවනයට එන්න..
http://blogs.sinhalabloggers.com/
ලාංකිය සිතුවිලි වලත් එන්න..
http://blog.inetlanka.com/
na dear yaluwei...meka ada liyapu ekak..face book eke girl kenekge illeemak..meeta kalin liyalaa na..eth pic eka ehenam thiyenawada danne na kalin,,matath mathaka na..thanks awith yanwata///
Post a Comment