.jpg)
වැහි වලාකුලක් වෙන්නට ඇත්නම්,,,
මල් වැස්සක් සේ වැටෙන්න ඇත්නම්,,,
මුවාවෙන්න තැනක් නැතිව ඒ මල් වැස්සෙන්,,,
ඔබ නෑවෙනවා බලන්න ඇත්නම්,,,
සරාසඳින් මල්වර රෑක,,,
ඔබ නිදාගන්න සයනේ සැරසූ,,,
සුදු පුන්චි පුන්චි මල් පොඩි වැටුනූ,,,
සුදු සේද සලුව වෙන්නට ඇත්නම්,,,
සීත වෙලාගත්තු කලුවර රෑක,,,
ඔබට උහුලගන්න බැරිවූ විටෙක,,,
ඔය සොඳුරු ගත වටා එතී,,,
උනුසුම තවරන්නට ඇත්නම්,,,
මගෙ ආදර උනුසුම විඳින ඔබ,,,
ඇස් පියාන නිදාගත් විට,,,
නැලවෙන ඔබෙ ලැමට තුරුලුවී,,,
මිහිරි සිහින දකින්න ඇත්නම්,,,
0 comments:
Post a Comment