
ඔය නිලුපුල් දෙනුවන් දුටු වෙලාවේ,,,
හදෙහි ඇඳුනු ගීයකි හුදෙකලාවේ,,,
සිතේ කොනක ඔබ රඟ දුන් වෙලාවේ,,,
මුදාහරිමි ඔබ ගැන ගී නුරාවේ,,,
කොරකහ මල් ඔබෙ වරළෙහි ගසාලා,,,
නීල නයන සන්වර වී වැසීලා,,,
නැවුම් දියට පැන තිසරුන් රඟාලා,,,
කතා කළා හිතට මගේඇදීලා,,,
රැයේ දකින සිහිනෙන් වුව මැවීලා,,,
නුබයි ආවෙ නුරා රැඟුම් මවාලා,,,
රුසිරු විඳින හිත මගෙ ඔබ කියාලා,,,
අදත් හිතනවා යළි එයි කියාලා,,,
0 comments:
Post a Comment