නුබේ පා පොඩි අතර මල් පොඩිවුනාමය

|


වෙරලු ලන්දට ඇවිත් නුබ උන්නෙ පාන්දර,,,
වෙරලු ඇහිඳලා දෙන්න මම ආවෙ පාන්දර,,,
නුබේ පා පොඩි අතර මල් පොඩිවුනාමය,,,
නුබයි සක්මන් කළේ පිනිවැටුනු පාන්දර,,,

හොරෙන් බැඳි පෙම ඉවර වූ දින දීග ගිය,,,
නුබ නොමැති මා හූල්ලනවා ආත්මෙම,,,
වෙරලු මල් පිපෙනව ගෙඩි නැති වුනත් තව,,,
මල් දකිනවිට මතක් වෙන්නේ නුබව මට,,,

ඹමරු ඇවිදින් කෝපි මල් සුවදටයි රැය,,,
මතක් වෙනවා නුබත් ගිය හැටි රෑක මැද,,,
වෙරලු මල් සුවදින්ම නෑවෙන කෝපි මල,,,
සුවඳ දුන්නත් දවයි මා නුඹ මතක් වෙන,,,

2 comments:

රවා said...

ලස්සනයි රුවන් අයියා.. ලස්සනයි.. ඔයා මෙ ලඟදි ලියපුවද නැත්නම් සටහන් අතර තිබිලා හම්බ වුන එවාද

ruwan kumara maddage said...

mewa man wada karakara iddi nikanma hithata awa sithiwili pelak...thanks rawaa,,,oya awith balala yanawata...puluwannam face book enne..ruwankumarameddege