
අම්මව හොයාන එන්නම් කියලා තත්තා ඇවිදින් එක දවසක්,,,
ගියා වුනත් යළි ආවේනම් නෑ මාව බලන්නට කවදාවත්,,,
අම්මා හිටියානම් මා සමගින් මටත් තියේ සුරතල් දිවියක්,,,
කාත් කවුරුවත් නැති මේ කොල්ලට ළමා නිවාසය පිළිසරනක්,,,
ළමා නිවසයේ කඩුල්ල ගාවට ඇවිදින් යනවද එක දවසක්,,,
පුතේ කියා මගෙ ළගට ලන්වෙලා වඩාන ඉන්නකො එක මොහොතක්,,,
යාලුවො බලන්න අම්මලා ඇවිදින් වඩාන ඉන්නවා පැය ගානක්,,,
නෙතින් නොහැඬුවත් හිතින් හඬනවා ලොවට හොරෙන් මo හැමදාමත්,,,
සිවුරක් දරාන ඈත පන්සලක මහනවෙලා ඔබ ඉන්න වගක්,,,
කවුදෝ කිව්වත් හරියට දන්නෑ ඔබ ඉන්නා තැන නියම වගක්,,,
ඉන්නා තැන ගැන දන්නවනම් මo දුවලා එනවා ගව් ගානක්,,,
බණ පදයක්වත් කියන්න අම්මේ ළගට කරන් ඔබේ පුතු මොහොතක්,,,
4 comments:
අයියේ ඒකනම් ලස්සනයි හුගාක්...
ඇත්ත .. මොකද්ද මන්දා අමුතු දෙයක් තියෙනවා මේ කවියේ ...
ප.ලි : word verification අයින් කලොත් හොඳයි නේද ?
හුගාක් සංවේදීයි....
thanks oyalage hama adahas bidakma matinaa sampathak..
Post a Comment