මා වෙන්නොමවේවා ඔබෙන්,,,

|

දෝත දරාගෙන ගිලිහෙන පැතුමන් තුලින්,,,
උන්නු විටදි මා හඬාවැටෙන දුක දරන්,,,
ගලාහැලෙන සුව දිය දහරක් ලෙසින්,,,
නුබ වැඩියා අද නිල් දියවරක් අරන්,,,

ගිලිහී යද්දී පිරුනු පැතුම් හදවතින්,,,
කඳුලු පනිද්දී සුසුම් අසල නෙතු විලෙන්,,,
දහසක් නින්දා අතරින් සැනසුම සදන්,,,
නුබ වැටුනා මගෙ දෙපා අබියස පෙමින්,,,

කලුතර බෝදියෙ බෝපත් සිසිලස අරන්,,,
ශ්‍රී මහ බෝදියෙ පිහිට පිරුනු තේජසින්,,,
මෙතේ බුදුන් දැක නිවනට පේවෙන දිනෙන්,,,
වෙන්වනතුරු මා වෙන්නොමවේවා ඔබෙන්,,,

4 comments:

රවා said...

ඔයා ගෙවල් දොරවල් වලින් ඈත් වෙලා ඉන්නෙ.. පුංචි හදවත ඇතුලෙ ලොකු තුවලෙකුත් ඇති එකයි මෙවගෙ ලස්සන දෙවල් අකුරු වලට හරවන්නෙ.. ලස්සනයි කවිය. හදවතෙ තියන දෙ ලස්සනට එලියට දාලා. කොහොම වුනත් ලස්සනයි කවිය..

මමත් හිතුවා ජපානෙ පැත්තට ඔයගෙ සම්භන්දයක් ඇති කියලා.. මොකද හැම පින්තුරෙම ඉන්නෙ නැගෙනහිර ආසියතික සම්භවයක් තියන මිනිස්සු.. හා.. හා..

ruwan kumara maddage said...

welawakata mata hithenawa man gana mage hitha gana hugak danna kenekda oya kiyala,,

රවා said...

කෙනෙක් ලියද්දි , කියවද්දි එයාගෙ හදවතෙ තියන දෙ එලියට පෙනවා. .ඔයා වගෙම තමයි මමත්. ඔයා මෙතන තනියම ඉන්න වගෙ කැමති.. මොකද මෙක සිංහල බ්ලොග් කියවනයෙ නැද්ද, ලාංකීය සිතුවිලි වලට බ්ලොග් එක දැම්මෙ නැද්ද... අපි හැමොම හොයන්නෙ නැතිවුණ දෙයක්.. අපි එක හම්බෙනකම්ම හොයනවා..

ruwan kumara maddage said...

dear rawaa,,mata samaawenna oyalage blog ekkatawath mata enna welaawak natthe man south korea wala paya 15k dawasakata wada karana company ekka wada karanne..ithin night eke wada karala awith uyan nala kala iwara wedi dawal 12 withara wenawa,,mata ekai wena ekkata enna welaawak natthe...aye hawasata poddak blog eke mokak hary liyalaa poddak face book eke yaluwanta mage crietions daala eyalage duka sapa bedhaagena ayeth wadata yanawa,,,mei palu ratei hama dukakma paaluwakma man nathikaraganne blog ekenui face book ekenui..thanks mat ithiri oya yaluwo tika denaaata..