පිනිබිඳු රැදි මල්පියවිලි විකසිතවූ රෑක...

|

පිනිබිඳු රැදි මල්පියවිලි විකසිතවූ රෑක...
හෙමි හෙමිහිට කෙඳිරුවෙ ඔබ සෙනෙහස විඳි දාක…
මල් නටුවේ මල්වරයට ඇරයුම් පිදුවාම.....
සඳ පෑයුවෙ සිත් අහසෙයි ඔබ සැනසුනු රෑක..

අපේ පැතුම් මල්සිහිනේ වෙනුවෙන් උහුලාන...
දරුසෙනෙහෙන් උන්නට ඔබ බෝම කලක් පේව..
නොපිපි මලක් ලෙසින්ම මල් නටුව විදෙව්දාක...
මිලින වුනේ කිරි සුවදක් ලැමට ගෙනා කුසුම...

ඔබේ ලමේ කිරි සුවසුවඳට තුරුල්වෙන්න පෙරම...
මගේ සිතින් අහිමිව ගියෙ පියෙකුගෙ මුල් හීන...
සෙනේ පිරූ දරු දුක සිහිවී මට හැඬුනාට...
ඉන්න එපා ඔබ ගින්නෙන් විදවයි මගෙ සිතම...