උරුම වූ ජීවිතයක තරම්...

Monday, February 15, 2010 |

බලමි මා නොනිමි අඹර දෙස
විකල් සිතින්...
කලුවර වූ අහස්කුස...
වෙනදා මෙන් මසිත...
චමත්කර නොකරයි අද...
උහුලාගත නොහැකිදුකක්...
මසිතේ පීඩා විදියි...
හැම තරුවකින්ම මට පෙනෙන්නේ...
නුඹේ දෑසයි...
වැඩි වේලාවක් නොගොස්ම...
නෙතු මා වසාගමි...
ඒ නුබේ සිනාවට...
මා වසඟකල හැකි බැවිනි...
මහද සසල කල ඔබේ හඬ..
ආතුරවූ සිතේහි පන නගයි...
සිත් දොර වසා නෙතුපිය වසාගමි...
අනේ මා නොපැතූ...
ඒත්...උරුම වූ ජීවිතයක තරම්...

0 comments: