හීන මල් ඇහිඳ දෝතට...

|

හීන මල් ඇහිඳ දෝතට...
ආදරේ හෙමින් මුමුණන..
ඔබේ පෙම්හිතේ හැන්ගෙමි ජීවිතේ පුරා...
රත්තරන් පාට හීනෙක...
හැන්ගිලා තවම විඳවමි...
එන්න ලඟඉන්න සෙනෙහෙන් ...
ලන්වෙන්න කියා...
සෙනෙහසේ පිරිනු ඇස් අග...
සීතලේ ගැහෙන කඳුලක...
ජීවිතේ සතුට සමරමි ආදරේ කියා...
සාගරේ තරම් චන්චල...
ආකහේ දුරට පියඹන...
පෙම්හිතේ සුවඳ විඳගමි
ඔබ මගේ කියා...
පිච්ච මල් සුවඳ ගොඩකින්..
දෙතොල් පෙති පුරා තවරා
සුවඳ හාදුවක් ගන්නට
බලමි ඇස් අයා
හඩන්නට හදන අහසින්...
හැන්ගිලා බලන අඩසඳ...
ඒ ඔබයි බලා සැනසෙමි...
හිතේ දුක වසා

0 comments: