
සීත රටේ ඉඳ ආවෙ ඉගිල්ලී...
නුඹව බලන්නට ඕන නිසයි...
ආව දිනේ සිට හිතට දැනෙන්නේ...
මගුල් සක්වලට ආවා වගෙයි...
රණ තිසරුන් රඟ දෙන්නේ හරියට...
ඉගිලීයන්නට වාගෙ දැනෙයි...
කඳු මුදුනෙන් එන සීතල පහසට...
මුව හෙමි හෙමිහිට වාගෙ ඇදෙයි...
සීත විලේ අද දිය ඉතිරීයයි ...
විලේ නාන්නට ආස හිතෙයි...
ඔබ හිනහෙනකොට දසන් විදාලා...
පුන් පෝදා පෑ සඳ ගානයි...
විල් දියමත සඳ රැස් තෙරපෙනකොට...
සුදුමල් ඉස්සා වාගෙ පෙනේ...
ඒ මල් අතුරින් පාරු පදිනකොට ...
නුඹේ සුසුම් හඬ තව දලුලයි...
ආයෙත්නම් ඉගිලෙන්නැ ඈතට ...
නුඹ ගෙන දෙන සුව බොහෝ දැනේ...
නුඹේ සුසුම් රැඳි සුවඳ සමීරේ...
යළි තනි කරනට ලෝබ සිතේ...
3 comments:
සීත රටේ ඉඳ ආවෙ ඉගිල්ලී...
නුඹව බලන්නට ඕන නිසයි...
මට හිතෙන්නෙ මේකෙ නම් ඔයගෙ ජිවිතේ වින්ද අත්දැකීමක් කියලමයි. ඇත්තටම ගොඩක් ලස්සනයි රුවන්. කියල වැඩක් නැ ඒ තරමට ලස්සනයි.
lassanai kiyana eke uparimatama lassanai.mara adahasak eke thiyenne.welldone....
hmm..eka athdakeemak....lassanamna lassana athdakeemak..eth eke thiyenma widhitama lankawe inna barywunaa..ekai duka..
Post a Comment