ලබාගන්නට බැරිමනම් නුබ,,,

Saturday, February 27, 2010 |

සසර කතරේ අතරමගකදි,,,
හමූනත් ඔබ මේ ලෙසින්,,,
ඉන්න පුන්සඳ මගේ ලෝකයෙ ,,,
අමාවක් නැති අහසමෙන්,,,
ලබාගන්නට බැරිමනම් නුබ,,,
තියාගෙන මන් මතකයෙන්,,,
සිතින් විඳිනෙමි නුඹට බැඳිපෙම,,,
හදාගනු බැරි හදවතින්,,,
මතක හීනෙක ඔබම ඇවිදින්,,,
හිතම පිරිමැද ආදරෙන්,,,
සද්දනොකරම දෙතොල් තවරපු,,,
නලල තවමත් පාලුවෙන්,,,
කප්පරක් දුක් ගලා යන මේ,,,
කඳුලු නදියේ නැහැවෙමින්,,,
ඉන්නමුදු ඔය සිනාමලෙකින් ,,,
දුක් ගොඩක් වෙන්වී ගිහින්,,,
දමා යන්නට බැරිම වූ ඔබෙ ,,,
මතක හීනය පාලුවෙන්,,,
තුරුලුකරගෙන මියෙමි මතුදින,,,
සුවඳ සිඹ සිඹ ආදරෙන්,,,
හිත රිදෝගෙන නෙතු තෙමාගෙන,,,
ගලායන මගේ කඳුලකින්,,,
දැනේ මාහද ඔබට වෙන්වූ තරම ලෙන්ගතු ප්‍රේමයෙන්...

0 comments: