අවසන් සුසුම හෙලුමට මට අවසර දැන් කිඳුරියේ...

Saturday, February 27, 2010 |

මලක සුවඳ පොද විලසින් බැඳුනි නුබේ පෙම් හිතේ...
නුඹ සමගින් කල් ගෙවන්න මතු නෑ පින් කිඳුරියේ...
පින් දෙන්නෙමි නුබට සිතින් මියදෙන මේ වන්ගියේ...
දිවියෙන් මන් සමුගන්නම් සෙනෙහස නුබ ලඟ තියේ...

පණ නල තම අහවර නැතුවාට ලයෙන් වෙන්වුනේ...
එපා ගයන්නට මන් ගැන නැගෙන ශෝක යාදිනේ...
අතරම මෙහෙම වෙන්වන්නට වුනත් මෙහෙම අද දිනේ...
රැකදෙන් මගේමැයි ඇය මේ බවය පුරා දෙවියනේ...

හඬමින් යදිනු දුටු විට ඔබ මගේ නෙතින් ගිලිහුනේ...
නුබේ දයාවෙන් නැන්න්වෙන කඳුලු සෝ සුසුම් ප්‍රියේ...
මගෙම වෙලා උපදින්නට පතමින් මතු ඔබේ ලයේ...
අවසන් සුසුම හෙලුමට මට අවසර දැන් කිඳුරියේ...

0 comments: