ඔබ දෙහදක් ලඟ සරණු සිතින්

|

අලුයම එව් කෙටි පනිවිඩයෙන් ඔහු හැගුම් කියනවා ලොවට හොරෙන්
සැනින් අවදිවී සිනා සරින් ඔබ හැගුම් විඳිනවා සැමට හොරෙන්
අනේ අහින්සකි තාමත් නිදි ඇති මාත් සිතනවා දුරක ඉඳන්
දවස පටන්ගෙන බොහෝ දුරක් ගොස් මා අමතනවා බිඳුනු නඳින්

මුවින් ලන්ව ඔහු සෙනේ නොකිව්වත් නෙතින් කියනවා නොවෙද හැඟුම්
ගතින් ලන්වුනේ නැතත් තාම ඔහු ඔබව පතනවා නොවෙද සිතින්
මා දුක් විඳ විඳ සෙනෙහස පෑවට ඔබ දෙහදක් ලඟ සරණු සිතින්
දැන දැන කෙලෙසද බලන් ඉන්නෙමා ඔය සිත ඔහුටද යාවි සිතන්

සඳ සාවි තනිවීල සිතන් මන් බැලුවෙමි සඳටම ලන්ව ඉතින්
සාවි තනිව නෑ තරුවක් ලන්වී තනිරකිනාබව දිටිමි සිතින්
බොහොදුරක් ඔබ සමග ඇවිත් මා ආපසු යන්නේ කෙලෙස ඉතින්
මා සතු උයනෙන් පිටට නැවෙන මල නෙලාගන්න ඔහු ඉදී බලන්

0 comments: