සීතල සඳ වලායටින් පායන්න

Sunday, February 28, 2010 | | 0 comments »

ඇයි අප දෙතැනක දෙපසට වී අද,,,

Saturday, February 27, 2010 | | 0 comments »

ඇයි අප දෙතැනක දෙපසට වී අද,,,
මේ ලෙස කවදාවත් ඉඳ නෑ,,,
කියන්න මාහට මාව එපා ඇයි,,,
මා වරදක් කරලානම් නෑ,,,

ලඟට ඇවිත් නුබ ලැමේ හිස තියා,,,
ගෙල බදාන මගෙ උන්නු තරම්,,,
ඇයි නපුරුවුනේ ආත්මීය පෙම,,,
සුලුදේකට බිඳ ලන්න තරම්,,,

නුබේ දෙතොල් පෙති මගේ කරන් මන්,,,
ලොවට හොරෙන් රස වින්ද තරම්,,,
ඇයි නපුරුවුනේ මලගමක් වගේ ,,,
ජීවිතයක් මට දෙන්න තරම්,,,

ලබාගන්නට බැරිමනම් නුබ,,,

Saturday, February 27, 2010 | | 0 comments »

සසර කතරේ අතරමගකදි,,,
හමූනත් ඔබ මේ ලෙසින්,,,
ඉන්න පුන්සඳ මගේ ලෝකයෙ ,,,
අමාවක් නැති අහසමෙන්,,,
ලබාගන්නට බැරිමනම් නුබ,,,
තියාගෙන මන් මතකයෙන්,,,
සිතින් විඳිනෙමි නුඹට බැඳිපෙම,,,
හදාගනු බැරි හදවතින්,,,
මතක හීනෙක ඔබම ඇවිදින්,,,
හිතම පිරිමැද ආදරෙන්,,,
සද්දනොකරම දෙතොල් තවරපු,,,
නලල තවමත් පාලුවෙන්,,,
කප්පරක් දුක් ගලා යන මේ,,,
කඳුලු නදියේ නැහැවෙමින්,,,
ඉන්නමුදු ඔය සිනාමලෙකින් ,,,
දුක් ගොඩක් වෙන්වී ගිහින්,,,
දමා යන්නට බැරිම වූ ඔබෙ ,,,
මතක හීනය පාලුවෙන්,,,
තුරුලුකරගෙන මියෙමි මතුදින,,,
සුවඳ සිඹ සිඹ ආදරෙන්,,,
හිත රිදෝගෙන නෙතු තෙමාගෙන,,,
ගලායන මගේ කඳුලකින්,,,
දැනේ මාහද ඔබට වෙන්වූ තරම ලෙන්ගතු ප්‍රේමයෙන්...

අර බලන්න ,,,අර,,,

Saturday, February 27, 2010 | | 3 comments »

මට සැනසෙන්න ....ඔය රත්තරන් වචන ටික ඇති,,,
ඔය අහින්සක ඇස් දෙක දැක්කම ඇති,,,
එත් මට ඔයතරම් ආදරේ කරන්නෙපා,,,
ආදරේ විඳින්න මේ පපුව තිබුනට,,,
ඔය ආදරේ රැකගන්න තැනක් නෑ,,,
අර බලන්න ,,,අර,,,
රුවැන්මැලි මහා සෑයේ සිලුමිණ තියෙනවනේ,,,
රුවන්මෑලි මහා සෑය ඔය සිලුමිණ රකිනවා වගේ,,,
මට තිබුනනම් ඔයාව ආරක්ෂා කරගන්න ,,,
මැනිකක් රකිනවා වගේ,,,
මන් ඔයාව රකිනවා,,,
එත් මට ඒතරම් වාසනාවක් ,,,පිනක්,,,නෑනෙ....

අවසන් සුසුම හෙලුමට මට අවසර දැන් කිඳුරියේ...

Saturday, February 27, 2010 | | 0 comments »

මලක සුවඳ පොද විලසින් බැඳුනි නුබේ පෙම් හිතේ...
නුඹ සමගින් කල් ගෙවන්න මතු නෑ පින් කිඳුරියේ...
පින් දෙන්නෙමි නුබට සිතින් මියදෙන මේ වන්ගියේ...
දිවියෙන් මන් සමුගන්නම් සෙනෙහස නුබ ලඟ තියේ...

පණ නල තම අහවර නැතුවාට ලයෙන් වෙන්වුනේ...
එපා ගයන්නට මන් ගැන නැගෙන ශෝක යාදිනේ...
අතරම මෙහෙම වෙන්වන්නට වුනත් මෙහෙම අද දිනේ...
රැකදෙන් මගේමැයි ඇය මේ බවය පුරා දෙවියනේ...

හඬමින් යදිනු දුටු විට ඔබ මගේ නෙතින් ගිලිහුනේ...
නුබේ දයාවෙන් නැන්න්වෙන කඳුලු සෝ සුසුම් ප්‍රියේ...
මගෙම වෙලා උපදින්නට පතමින් මතු ඔබේ ලයේ...
අවසන් සුසුම හෙලුමට මට අවසර දැන් කිඳුරියේ...

සීත රටේ ඉඳ ආවෙ ඉගිල්ලී...

Friday, February 26, 2010 | | 3 comments »

සීත රටේ ඉඳ ආවෙ ඉගිල්ලී...
නුඹව බලන්නට ඕන නිසයි...
ආව දිනේ සිට හිතට දැනෙන්නේ...
මගුල් සක්වලට ආවා වගෙයි...
රණ තිසරුන් රඟ දෙන්නේ හරියට...
ඉගිලීයන්නට වාගෙ දැනෙයි...
කඳු මුදුනෙන් එන සීතල පහසට...
මුව හෙමි හෙමිහිට වාගෙ ඇදෙයි...
සීත විලේ අද දිය ඉතිරීයයි ...
විලේ නාන්නට ආස හිතෙයි...
ඔබ හිනහෙනකොට දසන් විදාලා...
පුන් පෝදා පෑ සඳ ගානයි...
විල් දියමත සඳ රැස් තෙරපෙනකොට...
සුදුමල් ඉස්සා වාගෙ පෙනේ...
ඒ මල් අතුරින් පාරු පදිනකොට ...
නුඹේ සුසුම් හඬ තව දලුලයි...
ආයෙත්නම් ඉගිලෙන්නැ ඈතට ...
නුඹ ගෙන දෙන සුව බොහෝ දැනේ...
නුඹේ සුසුම් රැඳි සුවඳ සමීරේ...
යළි තනි කරනට ලෝබ සිතේ...

සයුර රකින මුරකාවල හරි සීතයි හන්දෑවට...

Friday, February 26, 2010 | | 0 comments »

නිලාවේලි වෙරළ දිගේ මන් එනකොට හැන්දෑවේ...
තිලක තියන් නුඹ උන්නා හිනවෙවී ගම්මානේ...
සයුර රකින මුරකාවල හරි සීතයි හන්දෑවට...
නුඹ ආදින ඒසීතල තුරන්වුනා හොර රහසේ...

සතුරො ඇවිත් පහර දෙන්න ගමට උඩින් හීන්සැරේ...
නුඹ ඇවිදින් කීහැටි මට පුදුමයි ඒ රාත්‍රියේ...
මට ලෙන්ගතු නුඹ හින්දයි සතුරො පැරද පලාගියේ...
එදා උන්නු නුඹ කොහිදැයි සොයනව මන් නිරන්තරේ...

මාස හයක් පේසාලේ ගිහින් ඉද්දි හදිස්සියේ...
නුඹ ඉස්සර දුන් තල්කිරි සුවඳ දැනුනි නිරන්තරේ..
යලිත් ඇවිත්නුඹව සොයලා මා ඇසු දුක් කතන්දරේ...
සතුරො ඇවිත් නුඹව අරන්ගියපු වග පමනයි පහන්වියේ...

පිනිබිඳු රැදි මල්පියවිලි විකසිතවූ රෑක...

Thursday, February 25, 2010 | | 2 comments »

පිනිබිඳු රැදි මල්පියවිලි විකසිතවූ රෑක...
හෙමි හෙමිහිට කෙඳිරුවෙ ඔබ සෙනෙහස විඳි දාක…
මල් නටුවේ මල්වරයට ඇරයුම් පිදුවාම.....
සඳ පෑයුවෙ සිත් අහසෙයි ඔබ සැනසුනු රෑක..

අපේ පැතුම් මල්සිහිනේ වෙනුවෙන් උහුලාන...
දරුසෙනෙහෙන් උන්නට ඔබ බෝම කලක් පේව..
නොපිපි මලක් ලෙසින්ම මල් නටුව විදෙව්දාක...
මිලින වුනේ කිරි සුවදක් ලැමට ගෙනා කුසුම...

ඔබේ ලමේ කිරි සුවසුවඳට තුරුල්වෙන්න පෙරම...
මගේ සිතින් අහිමිව ගියෙ පියෙකුගෙ මුල් හීන...
සෙනේ පිරූ දරු දුක සිහිවී මට හැඬුනාට...
ඉන්න එපා ඔබ ගින්නෙන් විදවයි මගෙ සිතම...

හිඳිනවිටදී ලඟට වී ඔබ

Wednesday, February 24, 2010 | | 1 comments

සඳ නොමති කලුවරම කාලෙක…
තනිව උන්නෙමි හදවතින්…
සද සිසිල දෝතින්ම ගෙන දුන් …
සඳ කුමරි පින් දෙමි මන්…
හිඳිනවිටදී ලඟට වී ඔබ…
දැනේ ලොව හිමි වූ ලෙසින්…
අනේ ඔබ හිමි වූ මොහෙතෙ මට…
දැනුනි සක්විති රජ වරම්…
ඉදින් බවයේ සදා මත්තෙම…
මගෙම වූ මිනි පහන දැන්…
සිටිනු මැන මගෙ කඳුලු අරනේ…
නුඹෙන් සැනසෙමි මගෙ සිතුම්…

ඔබට පුදවෙමි එන්න මාවෙත…

Wednesday, February 24, 2010 | | 0 comments »

හිමිනොවුනු කුලුදුල්ම ප්‍රේමය…
ළදිමි එය අද ඔබ තුලින්…
පුදකරමි මහදින් පෙරී එන …
හදේ සෙනෙහස ඔබට මන්…
දිටිමි මන් නුබේ කඳුලු නෙතු…
කඳුලු අරනට වඩිමි මන්…
රකිමි ප්‍රේමය මලක් ලෙස ගෙන…
නුබ උරනතුරු මලේ රොන්…
කටු කොහොල්මැද ගෙවූ දිවියේ…
සියලු දුක් ලඟ පේවෙමින්…
ඔබට පුදවෙමි එන්න මාවෙත…
සුපෙම් යහනෙහි ඉමි බලන්…
Tuesday, February 23, 2010 | | 0 comments »


සඳ අහසේ පායනතුරු...
අපි අසාවෙන් බලන් හිටියා...
නුඹ කරලියේ දිලිසෙන තුරු...
අපි අසාවෙන් බලන් හිටියා...
මිනිසුන් නුබ සමග හිනැහෙනකොට ...
නුබ සතුටින් සිනාසුනා...
නුඹ වගේම සඳ අහින්සක වුනත්...
සඳේ අවාට දැකපු මිනිසුන්...
සඳ ගැන කතා හැදුවා...
නුබේ ආවට නොපෙනුනත්...
මිනිසුන් නුඹට කතා හදනවා.
ඉස්සර නුඹ සමගින් හිනාවුනු මිනිසුන්...
අද නුබට හිනාවෙනවා...
ඇයි දන්නවාද...
සඳ තාමත් වලා සලුවෙන්....
නිරුවත වහගනිද්දී...
නුඹ නිරුවත එලිකරන නිසා....

මල නොතැලුවෙ ඇති ගුනට ඉතින්

Monday, February 22, 2010 | | 0 comments »

හිනාවෙද්දි ඔබ මටත් හොරෙන්..
හිතම පත්තුවෙයි බිඳුනු පෙමින්…
සසර පුරුද්දට හමුව ඉතින් …
දුරස්ව ඉන්නේ කඳුලු සොවින්…
පෙම්නොකලානම් පනට ලෙසින්…
විඳින්නෙ නෑ අද පිරිනු දුකින්…
හදාගන්න හිත දරන තැතින් මන්..
හිනාවෙන්නෙ ඇත්තටද හොරෙන්…
මල නොතැලුවෙ ඇති ගුනට ඉතින්…
හිතන්නෙ ඇයි ඔබ වැරදි ලෙසින්…
හිනාවෙන්නෙ මන් නොකල පවින් රැඳි…
සෙනේවන්ත මගෙ හිතට හොරෙන්….

විඳ බලන්නට නොමැති වූවත්..

Sunday, February 21, 2010 | | 0 comments »

රැ අහස සඳ නොදුටු ගානයි…
තරු හඬන අඹර හරි සීතයි…
උනුසුමින් සුසුමින්ම නාවයි…
මගෙ හිතත් ඒ අහස වාගෙයි…
විඳ බලන්නට නොමැති වූවත්..
සිහිනෙකින් පමනක්ම ආවත්…
රිදෙන මුත් දුක්දෙමින් තාමත්
මන් නුබට ආදරේ තාමත්…
යළි පිපෙන්නැති මලක් වූවත්…
වෙන කෙනෙක් මගේ මල නෙලුවත්…
දැනෙන්නෙමි මල්සුවඳ තාමත්…
මන් නුඹට ආදරෙයි කවදත්...

උරුම වූ ජීවිතයක තරම්...

Monday, February 15, 2010 | | 0 comments »

බලමි මා නොනිමි අඹර දෙස
විකල් සිතින්...
කලුවර වූ අහස්කුස...
වෙනදා මෙන් මසිත...
චමත්කර නොකරයි අද...
උහුලාගත නොහැකිදුකක්...
මසිතේ පීඩා විදියි...
හැම තරුවකින්ම මට පෙනෙන්නේ...
නුඹේ දෑසයි...
වැඩි වේලාවක් නොගොස්ම...
නෙතු මා වසාගමි...
ඒ නුබේ සිනාවට...
මා වසඟකල හැකි බැවිනි...
මහද සසල කල ඔබේ හඬ..
ආතුරවූ සිතේහි පන නගයි...
සිත් දොර වසා නෙතුපිය වසාගමි...
අනේ මා නොපැතූ...
ඒත්...උරුම වූ ජීවිතයක තරම්...

ඉන්නම නොහිතුනාට මගෙ ලගින් රැඳී

Friday, February 12, 2010 | | 0 comments »

ඉන්නම නොහිතුනාට මගෙ ලගින් රැඳී....
වින්දෙමි මම දුක් දිවියක් එයින් පසූ...
දරන්න බැරි කඳුලින් බර වුනත් නෙතූ...
හිත තාමත් ඔබ ලඟමයි ඉන්නෙ රැදී...

කල්පහතක් පෙරුම් පුරා ලන් ලන් වී...
මාස හතක් දෙරටක අපි සිතින් වෙලී...
අත්මයක පෙම වින්දත් සිතින් අපී...
දවස් හතයි උන්නේ අපි ගතින් වෙලී...

ඔබේ ලැමද සුව යහනක් වූ දවසේ...
සෙනේ අරණෙ පිපුනු පැතුම් මල් රහසේ...
කඳුලු ගගේ දියවී අද යයි මෙලෙසේ...
එත් තාම සිතපිරි සෙනෙහස ඔබගේ...

සිත් පිත් නැති මිනිසුන්ට වඩා...

Wednesday, February 10, 2010 | | 0 comments »

සිත් පිත් නැති මිනිසුන්ට වඩා...
නුඹ ලඟින්න් ඉන්න ...
මට සැපයි යාලුවේ...
බල්ලන් ලඟ ඉදන් ඉඳලා...
මැක්කන් එක්ක නැගිටින්න එපා කීවත්...
නොමිනිසුන් මැද ඉන්නවාට වඩා..
තිරිසන් නුඹ හොදයි යාලුවේ...
තිරිසන් ලෙස සිතන පතන...
මිනිසුන්ට වඩා...
තිරිසන් නුඹ මට දක්වන ලැදියාව...
අත්තටම මට අගෙයි යාලුවේ...
Tuesday, February 9, 2010 | | 0 comments »

මතක හීන පොත් පිටු අතරේ හිඳ,,.
සක්මන් මලුවට එන්න වරක්...
බුදුමදුරක සිල් සුවඳක් විඳ විඳ...
මෙත්සුවයක් මන් විඳිමි එයින්...
අතහරුනත් ඔබ මේ සන්සාරෙදි...
නොවැටුන කඳුලක් පිරිණු නෙතින්...
සැනසෙමි මතකය යටපත්කරගෙන...
ඔබ මා ලගින්ම ඇතයි සිතන්...
වෙරලෙම ඉපදී වෙරලෙම මිලිනව...
ගියේ මදිද මා පිරූ පැතුම්..
හීන ගොන්න ඉහිරුනට නොව දුක...
නුබ රැකගන්මට බැරිවූ බැවින්...

හීන මල් ඇහිඳ දෝතට...

Tuesday, February 9, 2010 | | 0 comments »

හීන මල් ඇහිඳ දෝතට...
ආදරේ හෙමින් මුමුණන..
ඔබේ පෙම්හිතේ හැන්ගෙමි ජීවිතේ පුරා...
රත්තරන් පාට හීනෙක...
හැන්ගිලා තවම විඳවමි...
එන්න ලඟඉන්න සෙනෙහෙන් ...
ලන්වෙන්න කියා...
සෙනෙහසේ පිරිනු ඇස් අග...
සීතලේ ගැහෙන කඳුලක...
ජීවිතේ සතුට සමරමි ආදරේ කියා...
සාගරේ තරම් චන්චල...
ආකහේ දුරට පියඹන...
පෙම්හිතේ සුවඳ විඳගමි
ඔබ මගේ කියා...
පිච්ච මල් සුවඳ ගොඩකින්..
දෙතොල් පෙති පුරා තවරා
සුවඳ හාදුවක් ගන්නට
බලමි ඇස් අයා
හඩන්නට හදන අහසින්...
හැන්ගිලා බලන අඩසඳ...
ඒ ඔබයි බලා සැනසෙමි...
හිතේ දුක වසා

සමාවක් අයදිමි සමුගෙන යන්න කලියෙන්...

Monday, February 8, 2010 | | 0 comments »
අනේ සුදු ඔය පපුවමත..
මුව තියන් දහස්වර...
විදින්නට ඔබෙ සුවඳ
පෙරුම් පිරුවාද මම...
රෝසවූ දෙතොල්පෙති...
ආදරෙන් සිර කරන්...
විදින්නට ආලයේ මියුරුබව...
ගත් තැත බිඳුනි හැම විටම...
ඔබේ ලය උනු නොවුනු නිසවෙන්...
වෙනස් නොවුනු මගෙ හදවතින්...
නන්නාදුනනා ඔබට....
පෙම්කලෙමි හැමදාම..
ලන්වීමි මා සෙනෙහසින්...
බිඳෙන පතුමන් අතරින්,...
සන්සාරේ සිදුවූ පාපයක සාපයෙන්...
ගිනිගෙන දැවෙන හදවතින්..
ඔබෙ සෙනෙහස තනියෙන්ම සමරමි...
වියෝවක් දැනෙනා පාලු මොහොතෙදි..
පිටුපා ඉඟිකරනා සෙනෙහස...
මට අහිමි බැව් දැන දැනම ...
කඳුලු අතරින් මා පෙම්කළ ඔබෙන්...
සමාවක් අයදිමි සමුගෙන යන්න කලියෙන්...
සහස්පැතුමන් ගිනිගනිද්දී...

දිනු ලොව ජිවයක් නැති තරම්..

Sunday, February 7, 2010 | | 0 comments »

නිදහසේ ඉගිල ගිය...
අහස් කුස උඩ හිඳම..
බලමිමානෙත් යොමා මේ ලෙසින්...
නිදහසේ වසන්නට නොහැකිලෙස ගිනිගන්න...
යුද බිමකි දකින්නේ මේ නෙතින්...
දුකයි හරි කියන්නට...
මහා ලක්පිම් බිමෙහි
ගිනි අවිලුනේ මෙලෙස කොයිලෙසින්
අහස යට පොලොව මත
මහ සයුර බෙදන්නට..
මිනිස් කැල අද දිනේ අවි අරන්..
මිලකරන්නට හැකිද...
අයිතියක් නෑ අපට...
බෙදන්නට
ලක්දෙරණ ඒලෙසින්...
ඇස් අයා යම්දිනෙක ...
බලනවිට...මිනිස් කැල
දිනු ලොව ජිවයක් නැති තරම්..

යමුනා ගන්තෙර සුදු සඳ දැකලා...

Sunday, February 7, 2010 | | 0 comments »

යමුනා ගන්තෙර සුදු සඳ දැකලා..
හිනැහේ රැලි සිනහව නන්වා...
කුමරෙකු කුමරිය දෙනෙතෙහි රඳවා...
හිනැහේ රහසින් ඉඟිකරලා...
දහසක් බාධක අතරේ සැඟවී...
කුමරා කුමරිට පෙම්බැන්දා...
කුමරිය කුමරුට ලද ඒ දිනයේ...
සිහිනෙන් පෙම් මාලිග තැනුවා...
පෙම්සිත් උතුරා යන ඒතරේ..
කුමරී මෙලොවට සමුදුන්නා...
යමුනා ගන්දිය වියලුනු දවසේ...
කුමරා නෙත කදුලැල් බීවා...

නිහඬ ඔබෙ ඔය සොහොන ලග හිඳ

Friday, February 5, 2010 | | 0 comments »
අතීතයේ දවසක...
මල් වැහි වට හැන්දාවේ...
මගේ අතැගිලිවල එල්ලිලා...
මා සමග ඇවිද ගිය ඔබ...
මේ මූසල සැන්දෑවේ...
යලි නොයෙන ගන්මනක...

ගුරුපාට මිනී පෙට්ටියක..
සුදුපාට දිලිසෙන ඇතිරිල්ලක...
ලොවම නිදිපෙර යාමයේ...
ඔබෙන් සැනසුම ලබූ කොල්ලව...
දැකගන්න ආවෙ මෙහෙමද..

ඔබ අහිමි වුනේ මටයි...
අන් අය හැඬුවෙ මන් හඩන නිසයි...
අනේ..වටකුරු ඔය සිනා මුව
අයෙත් නැ මට දකින්නට...
හැඩෙන්නේ මට ඒ සොවින්...
ඔබේ සීතල ලැමට තුරුලුව...

නිහඬ ඔබෙ ඔය සොහොන ලග හිඳ..
පිස්සුවෙන් මෙන් හඬන මන් අද...
පතන්නෙමි තව එකම පැතුමක්...
මතු බවෙත් ඔබ මගෙම වන්නට..

මගෙ ලෝකය පාලුයි

Friday, February 5, 2010 | | 0 comments »

ගෙවෙන තත්පරෙන් තත්පරේ
අතීතයට එකතු වේවි
වෙනද වගේම ඉර පායාවි
ඒ ඉර හන්දැවේ බැසයාවි...
බැස යන අහසට තනියක් නොදැනේවි
සඳ නැග ඒවි.....
එත් මගෙ ලෝකය පාලුයි...අඳුරුයි...
ඔබ මා ලඟ ඉද්දිත්...
මට පාලුයි...
තනියි
...
මේ ජීවිතයේ මට හුස්ම ගන්නවත් ඉඩක් නැතිවෙලා...
මන් පැරදිලා..
මන් මිරිගුවකට රැවටිලා..
එත් මන් තාමත් ඔබට ආදරෙයි...රත්තරන්...

ඔබ දෙහදක් ලඟ සරණු සිතින්

Monday, February 1, 2010 | | 0 comments »

අලුයම එව් කෙටි පනිවිඩයෙන් ඔහු හැගුම් කියනවා ලොවට හොරෙන්
සැනින් අවදිවී සිනා සරින් ඔබ හැගුම් විඳිනවා සැමට හොරෙන්
අනේ අහින්සකි තාමත් නිදි ඇති මාත් සිතනවා දුරක ඉඳන්
දවස පටන්ගෙන බොහෝ දුරක් ගොස් මා අමතනවා බිඳුනු නඳින්

මුවින් ලන්ව ඔහු සෙනේ නොකිව්වත් නෙතින් කියනවා නොවෙද හැඟුම්
ගතින් ලන්වුනේ නැතත් තාම ඔහු ඔබව පතනවා නොවෙද සිතින්
මා දුක් විඳ විඳ සෙනෙහස පෑවට ඔබ දෙහදක් ලඟ සරණු සිතින්
දැන දැන කෙලෙසද බලන් ඉන්නෙමා ඔය සිත ඔහුටද යාවි සිතන්

සඳ සාවි තනිවීල සිතන් මන් බැලුවෙමි සඳටම ලන්ව ඉතින්
සාවි තනිව නෑ තරුවක් ලන්වී තනිරකිනාබව දිටිමි සිතින්
බොහොදුරක් ඔබ සමග ඇවිත් මා ආපසු යන්නේ කෙලෙස ඉතින්
මා සතු උයනෙන් පිටට නැවෙන මල නෙලාගන්න ඔහු ඉදී බලන්