
නොනිමි පෙමින් ඔබ හිමි කරගන්නට,,,
වරම් හිමිව නෑ කුමාරියේ,,,
සෙනෙහෙ ලබන්නට පින්කර ඇතිමුත්,,,
විදින්න පින් නෑ සිතින් මගේ,,,,
පැතුම් විළක් මැද සුසුම් මල් ගොඩක්,,,
නිතර පිපෙනවා සිතේ මගේ,,,
සුසුම් මල් මතට කඳුලු පිණි අරන්,,,
ඔබත් වඩිනවා සිතට මගේ
හිත හීලෑ නැති ඔබේ වදන් තුළ,,,
සැඟවුනු හැඟුමන් ඔබට හොරෙන්,,,
සෙනෙහස මුමුණා රහසින් කීවා,,,
ඔබ දන්නෙත් නෑ ඔබට හොරෙන්,,,
සසර පුරුද්දට හමුවන්නට ඇති,,,
සෙනෙහෙ ඇරඹුමක අහිමි සිතින්,,,
තැවෙන දැවෙන සිත මා ලඟ තිබුදෙන්,,,
එපා හඩන්නට කුමරි ඉතින්,,,
3 comments:
lassanayi..
thank you malithi
hamadamath vage harima lassanai!
Post a Comment